• Mayilapath Samanallu - මයිලපත් සමනල්ලු

පඩි පෙළ පාමුල "කහපාට මල"

පයට පෑගෙන නොපෑගෙන
හරියෙන්
කහපාට මලක් පිපිලා
දොරකඩ

පඩි පෙළ බහින කොට
මතක් වෙනවා
ඔයාව ම

මේ කාමරේට මං ආව අලුත
ඔයා ඇවිත් ගියා හදිසියෙ ම
හවසක

ඇඳ පුටු මේස
මොකුත් නැති බිම
තැන තැන
සිනිදු කෙහෙරැලිත් එක්ක
අමතක වෙලා ගිහින්
කොණ්ඩ බූලව

සීනිත් තේ කොළත්
තේ හදාගෙන බොන්ඩ කෝප්පත්
පැනඩෝල් කාඩ්ඩෙක හිට හැමදේමත්
හරි උනන්දුවකින්
ඔයාමයි අරගෙන දුන්නෙත්

ජීවිතේ අලුතින්
පටන් ගන්නැයි කියන ඇරයුම්
ඇහිපිල්ලමක් ගානේ
ඇඳිල තිබුණා ඇස්වලත්

"නිවාඩුවකට ඇවිත් යන්නකො"
ඔසීවල අක්කගෙ ඇරයුමත්
ලැබුණෙත් ඒ දවස්වල ම යි
දෙගිඩියාවෙන් ම යි තිබුණෙ ඔය හිතත්

සුපින ලොවකට යන්න අවසර
දෙන්න කිව්වොත් කවුරුවත්
නොදී හිටියට වැඩක් නැහැ
හිත යන්න යනවා බෝ දුරක්

අපරාදේ අත අරින එක
මං හින්ද ඒ වගේ ගමනක්
ගිහින් එන්නකො කියල කිව්වෙත්
මං තමයි හිත තද කරන්

දැන් ගිහින් කොච්චර ද කල්
වෙහෙසයි වයිබර් මැසෙන්ජර්
ළඟකදි දාලා තිබුණා පෝස්ටුවකුත්
"පාටියක් ඩිනර්"
ඔයා දිහාමත් නෙවෙයි බැලුවෙ මං
කවුරු ද පිරිමි දෙස විදෙස්

තාම යාලුවො එනව යනවා
ගහනවා අපි අඩි පුඩිත්
සිගරට්ටුවක් මල් කූරක් ගහන ගානෙත්
ඔයාමයි මතක් වෙන්නෙත්

මල් සුවඳ මිස මල් පිපිල නැති
කාමරේ කවුළුව ළඟින්
දාලා තියෙනවා පෝච්චියකට
කහපාට මල නම නොදත්

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Mayilapath Samanallu - මයිලපත් සමනල්ලු

  • Rs. 200.00

  • KBOOKS Cashback Rewards: 20