ස්වල්ප වේලාවකින් වරුණිද කාමරයට ඇතුළු වූවාය. බිත්තිය පැත්තට හැරී සිටි හර්ෂණ අනෙක් පසට හැරුණේ වරුණීත් සමඟම කාමරයට ඇතුළුවූ ප්‍රසන්න සුවඳටය. ඇය තවමත් ඇඳ සිටින්නේ දහවල් නෑමෙන් පසු ඇඳගත් ගවුමය, කොණ්ඩය ලිහාදමා සැහැල්ලුවෙන් සිටි ඇය අතවූ තෙල් බෝතලයකින් කොණ්ඩයට තෙල් ගල්වමින් සිටියාය. ප්‍රසන්න සුවඳ ආවේ එම තෙල් බෝතල්යෙනි.
හර්ෂණ විමසිලිමත් වූයේ සුවඳට බව දුටු ඇය තෙල් බෝතලය පෙන්වමින්
"නීල්‍යාදී තෛලය..."යි කිවාය.
"හ්ම්ම්... හරිම සුවඳයි...."
හර්ෂණ පැවසුවේ ඒ සුවඳ විදිමිනි.
වරුණි මඳක් පැකිලුණාය.... අනතුරුව සිහින් පටලැවෙන හඬකින් "ඔයාගේත් ටිකක් ගාන්නදැ"යි ඇසුවේ ඔහුට සෙමෙන් ලංවෙමිනි.
හර්ෂණ "හා" හෝ "එපා" හෝ කීවේ නැත. ඇය පරිස්සමින් ගවුම හදාගනිමින් ඇඳේ ඔහුට ආසන්නව වාඩිවූවාය. අනතුරුව තෙල් බිංදු කිහිපයක් ගෙන ඔහුගේ හිසේ ගැල්වූවාය. ඇඟේ ඇඟිලි තුඩු මෘදුලෙස ඔහුගේ හිස කෙස් අතර ගියාය. හර්ෂණගේ නහයට නීල්‍යාදී තෛලයේ ඉමිහිරි සුවඳ මෙන්ම ඔහුගේ හිසට ඇගේ ඇඟිලිවල පහසද දැණුනි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Pata Piruwata - පාට පිරුවට

  • Rs. 430.00

  • KBOOKS Cashback Rewards: 43

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Pata Piruwata 2 - පාට පිරුවට 2

Pata Piruwata 2 - පාට පිරුවට 2

”මම බොහොම සරලව ජීවත්වෙන්න හීන මවපු ගෑනියෙක්....මට කවදාවත් ඕන වුණේ නෑ ඇමති කෙනෙකුගේ බිරිඳක් වෙන්න...

Rs. 430.00