• Estrogen - ඊස්ට්‍රජන්

ගෑනු හැමෝටම ඒගොල්ලන්ගෙම අපායවල් තියෙනවා…


ඒවා එක එක විදියයි…


හුඟක් ගෑනු ජීවිතාන්තය දක්වාම ඒවයෙ පැහෙනවා…


ඒත් සමහර ගෑනු මුළුමනින්ම නැතත් ඉඳහිට හරි ඒවායින් පැනල ගිහින් ජීවිතේ විඳින්න උත්සහ කරනවා…


නැත්තං සතුටක් සැනසීමක් හොයාගන්න යථාර්ථයේ ම විවිධ තල නිර්මාණය කරගන්නවා…


මට ඕන වුණේ, වැව් වගේ හැඟීම් වලින් පිරිච්ච ගෑනු හිත් වල සංස්කෘතික බැමි - සොරොව් කඩලා දාන්න…


ඒවට නිදහසේ ගලන්න ඉඩ දෙන්න…


ඔයාටත් පුළුවන් ඒ හැඟීම් ඇලවල් වලට පැනලා මාළු පැටව් වගේ එහා මෙහා පීනන්න; කිමිදෙන්න; නැත්තං ගිලිල මැරෙන්න…

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha