• Ikbithi Owuhu Budiyagathha - ඉක්බිති ඔවුහු  බුදියගත්හ
ගිණිය නොහී තරම් මනුෂ්‍යයෝ ද සත්වයෝ ද ගහකොළ ද තම කතාන්දරය ද සමඟ පොළොවේ පාංශු බවට පත්ව සිටිති. එ් කතාන්දර වලින් තිතක් තරම්වත් අපි නොදනිමු. තමා හොඳින් ම දන්නා කතාව යැයි සිතා සිටින තම කතාව ද තමා හරිහැටි නොදනී. අපි බොහෝ දේ නොදැන බොහෝ දේ නොතේරී මියයමින් සිටිමු. බරපතල ඛේදවාචකය නම් ඉතිහාසය විසින් දෙන ලද පීඩාසහගත තත්වයන් වෙනස් කිරීමට වෙර නොදරා එ්වාට අතාර්කිකව අනුගතව හිඳ දකුණු ඉවුරේ මියයාමයි. වම් ඉවුර ලිස්සන සුළු නමුදු සෝදාපාළු වී නොමැත. සියල්ල අවසන යළි සියල්ල ආරම්භව ඇත. සභාතොමෝ සතුටින් විසිර නොගියහ. ඔවුහු වේදනාවන් කදක් ගෙන අසතුටින් විසිර ගියහ. ඔවුහු පුරන් වූ වම් ඉවුර අස්වද්දනු පිණිස වම් ඉවුර හාරා ගවේශනය කරමින් සිටිති. ‘ඔවුහු’ සැබෑවට ම සොයමින් සිටිති. බිඳී විසිර ගොස් සොයමින් සිටිති. එකල්හි ‘මොවුහු’ වම් ඉවුරේ රෝපණය නොලද්දාහු නමුදු දකුණු ඉවුරට සේන්දු නොවී වම් ඉවුර අසබඩ ගං දියේ පාවෙන දඬු කැබලි වන්ව රැුඳී සිටිති. ඇතැම්විට මොවුන් රෝපණය වනු ඇත. ඇතැම්විට මොවුන් රෝපණය නොවනු ඇත. එහෙත් කවුරුන් හෝ රෝපණය වනු ඇත.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Ikbithi Owuhu Budiyagathha - ඉක්බිති ඔවුහු බුදියගත්හ

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Goyama - ගොයම

Goyama - ගොයම

..

Rs. 250.00

Api Minissu - අපි මිනිස්සු

Api Minissu - අපි මිනිස්සු

සංක‍්‍රාන්ති සමාජභාවය - අන්තර් ලිංගිකත්වය පණ්ඩකකරණය - පාරවේශනත්වය අලිංගිකත්වය - ප‍්‍රශ්නකාරී ලිංගි..

Rs. 500.00