• Kalu - කළු

මුල්ලේරියාව මානසික රෝහලේ සිටි කාන්තාවකගේ ජීවිතය පාදක කර ගනිමින් රචිත නවකතාවකි. මේ මොහොතේද සමාජයේ ජීවත්ව සිටින ගැහැනිය පිළිබඳ විශ්ලේෂණයකි. 2010 ස්වර්ණ පුස්තක අවසාන වටයට නිර්දේශිත නවකතා පහෙන් එකකි.
------------
මුදු සුමුදු පහසක් හදවත කිති කවයි. ස්නේහවන්ත අතැඟිලි හිසකේ අතර හෙමිහිට තැවරෙයි. මම දෑස් පියා ගනිමි. සිත සැනසෙයි. උණුසුම් සුසුමක් කම්මුලක තැවරෙයි. එ් සුවඳ මගේ හදවත හඳුනයි. මම සෙමෙන් ඇස් හරිමි. හදවත හඳුනන පැහැය, හදවත ඉල්ලන සුවය දැන් මා ළඟය.
ඇස් කතා කරයි. හදවත පියාසලයි.
මගේ සතුට.
මගේ සැපත.
මගේ ජීවිතය.
එක ජීවිතයක් නොව, දැන් ජීවිත දෙකක්!
”ඔළුව අතගාන කොට හරිම සනීපයි.”
කුඩා දැරියකගේ සුරතලය මගේ වචනවල ඇත. දඟකාර චේති සතුටෙන්. පී‍්‍රතියෙන්.
”මං තව ටිකක් අත ගාන්නම්. ඔයා නිදාගන්න.”
මම යළි ඇස් පියා ගනිමි. හීන දැකීම ආස්වාදජනකය. හීන ලෝක සුවදායකය. ‘හීන’ - පාට පාට හීන - හෑන්ස් කි‍්‍රස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා කියවන ලෝබකමින්මයි දඟකාර චේති එ් හීන දකින්නේ.
ධනුෂ්කගේ අතැඟිලි සෙමෙන් මගේ කම්මුලක තැවරෙයි.
”තවම ඉදිමුම තියෙනව.”
ඔහු සෙමෙන් කියනු ඇසේ. මම සුසුමක් හෙළමි. ”පාට හීන බිඳෙනව මෝඩියේ” උඩු හිත මට සිනාසෙයි. හිත ඇතුළෙ දඟ කරන අර දඟකාර චේති සතුටෙන්. පස්මහ බැලූම් නොබල ලැබිච්ච ආදරේ අත් විඳපන්... දඟකාර චේති මට නියෝග කරන්නීය.
ගිනිගේගෙන් තැලූම් කාපු හිතට පවන් සලන්නෙ කවුද? එ් සහනය මට කෝටියක් වටියි. එ් ආදරවන්ත සැනසීමට වටිනාකමක් දෙන්න මට බෑ. සැනසීම එ් තරම්ම වටිනවා.
”රිදෙනවද...”
තැලූණු කම්මුල මත ඇඟිලි තුඩු තබන ඔහු අසයි.
”වැඩිය රිදෙන්නෙ හිත.”
මම කීවෙමි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Kalu - කළු

  • Rs. 500.00

  • KBOOKS Cashback Rewards: 50

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Mati - මැටි

Mati - මැටි

"ඉමහත් පාඨක ප්‍රතිචාර අත් වුනු මෙම නවකතාව ශ්‍රී ලාංකික ගැමි සහ නාගරික ජීවිතයේ නොයෙක් පැති අරබයා ලියැ..

Rs. 375.00

Dehi - දෙහි

Dehi - දෙහි

" මොණරාගල ඈත දුෂ්කර ගම්මානවල ජීවත් වන ගැමියන්ගේ කතාවකි."..

Rs. 350.00

As - ඇස්

As - ඇස්

" මං අඩන්නේ නෑ .... මං හයියයි!  මට ඔයා ඉන්නවා.... ඔයා හොද කෙනෙක් මගේ ලාවන්‍යයාට,    ම..

Rs. 475.00

Paata - පාට

Paata - පාට

HIV සමග ජීවත් වන පුද්ගලයෙකුගේ ජීවිතය කවරාකාර වනු ඇතිද? ..

Rs. 450.00