කඳුළු කුණාටුවෙන්. ..
බණ්ඩාරෙ අයියේ .බත් බෙදලා ...
සුපුරුදු ගණන් කාරකමින් පැවසූ සමන්තා වත්ත පල්ලෙහා පුවක් ගස් ගොන්නේ ළිඳට ගියේ අදවත් දෙයියනේ කියලා ඔළුවේ දෙකක් නා ගන්නා අදහසෙනි උණ කියා නිදාගෙන උන් බණ්ඩාරේ තමා පසුපසින්.තමා පසුපසින් එනු ඇතැයි ඇය සිහිනෙකින්වත් නොසිතුවාය .ඇය දිය යරෙද්දඇඳගෙන උන්නේද ඕනෑවට එපාවටය .මේ පුවක් ගස් අතරේ කුරුල්ලන්ට හා සමනළුන්ට ඇරෙන්නට ඒවා බලන්නට කිසිවෙක් වෙන්නේ නැත. ඇඟටම ඇලුනු තෙත දිය රෙද්ද මතින් පොපියන තුරුණුගත මුවා කර ගැනීමට අන් මඟක් නොමැතිව සමන්තා අසරණ වූවාය.
යන්ඩකො බන්ඩරෙ අය්යෙ..අර බත් බෙදලා තියෙන්නේ... කෑවෙ නැත්ද ?
ඇය තරමක සැර කටහඬකින් කියා සිටියාය.
මොන බත්ද බන්...
එසේ කියූ බණ්ඩාරේ වතුර බැස ඇයව කිටි කිටියේ තුරුලුකරගත්තේය. උඩු කය නග්නව උන් බණ්ඩාරෙගේඋණුසුම් පපුවට සීතලෙන් මිදෙන්නට බලා උන් සමන්තගේ ලය මඩල. තැලී පොඩි වී ගියේය .ඒ ග්රහණයෙන් මිදෙන්නට මුලදී උවමනාව තිබුණත් සමන්තාගේ තුරුණු හිතට එය කළ නොහැකි දෙයක් විය. පිපෙන්නට බලා සිටින මල් කැකුලක් හිරුගේ පහසට අත වනන්නාක් මෙන් සමන්තා ද ඔහුගේ ජව සම්පන්න බලහත්කාරකමට ඉඩ දුන්නාය .තවත් බොහෝ දෑවෙන්නට ඉඩ තිබුණි .එහෙත් හදිසියේම සඳමාලී නාන්නට එන හැටි සමන්තා දුටුවාය .
බණ්ඩරෙ අයියේ ...මාව අතාරින්න.. සඳමාලි එනවා ..
බණ්ඩාරෙ බියපත් වී සමන්තා අතහරි ද්දීම ඇය දුටුවේ ආපසු හැරී යන සඳ සඳමාලීය. සඳමාලි ඔවුන් දෙදෙනා උන් ඉරියව්ව නොදකින්නට කිසිම හේතුවක් නැත .ඇය ආපසු යන්නේ එම දර්ශනය දුටු නිසාය. බණ්ඩාරේ හෙමින් සැරේ ගෙට රිංගාගෙන උණ ලෙඩාගේ චරිතය යළි භාර ගත්තත් සමන්තානම් උන්නේ දියෙන් ගොඩ දැමූ මාළුවෙ කු සේය.නැන්දලා එන විට හවස් වනු ඇත. ඇය ආ විගසම සඳමාලීම එය නැන්දාගේ කනේ තබනු නිසැකය බණ්ඩාරේගේ පපුව මත හිස තබාගෙන අඬන්නටවත් තමාට අයිතියක් නැති වග ඕ කඳුළින්ම වටහා ගත්තාය. .
Kandulu Kunatuwa - කඳුළු කුණාටුව
- Publisher: Thara Publishers - තාරා ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Tharanga Dissanayake - තරංගා දිසානායක
- ISBN: 9789551116347
- Availability: Available
-
Rs. 1,300.00