• Yasodarawatha - යසෝදරාවත

පවර උතුම් මගෙ හිමි සඳ ඔබ හැර ලා

ඉවර නොවන ගිනිකඳ අප හට දීලා

අවර ගිරග වැටුණා ලෙස වේය මුලා

නුවර ගොසින් මම ඉන්නේ කවුරු බලා
.

තෙමා වැටේ මගේ සළුපිළි නෙත් පුරවා

අමා රසක් වැනි හිමි සඳ සිහිවෙනවා

දමා කුමරු වැඩියා මට සිහිවෙනවා

මෙමා ඇර ලියෝ ලෙව් තුළ ඇද්ද තවා
.

සුවඳ බොජුන් වැළඳූ මගේ හිමි සඳුට

නිබඳ බොජුන් රසකර දුන් වළඳන්ට

සුවඳ පලාපල වැවියන් හිමියන්ට

සුවඳ මල් නිතර පිපියන් රන් කඳට
.

පිරිය ලෙසට සැතපුන අප මල් යහනා

බැරිය ඉතින් දැකලා මගේ පපුව දනා

වීරිය බුදු බවට බාධා නොව වඩිනා

සූරිය මඬල වැනි ඔබ සැනසුණ යහනා
.

කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ

නෑර කැටුව ආවා මම සරණ ගෙනේ

භාවනාව තොර නොකරමි ඉතින් අනේ

මාලිගාව අද අඳුරුයි සුවාමිනේ
.

හිමයේ ගොසින් මල් යහනක නිදනවද

කොමල අනගි සිරිපා දෙක රිදෙනවද

හිඟේ නැතුව දෙවියෝ මුර කරනවද

මගේ ඇත් රජුනි හිමි අද කොතනකද
.

කැලේ තිබෙන කොයි දේවත් රස වේවා

මලේ බමරු මෙන් පිරිවර ඇතිවේවා

අවුවේ තිබෙන රැස් මාලා අඩුවේවා

ගව්වෙන් ගව්ව දිව මාලිඟ සෑදේවා

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Yasodarawatha - යසෝදරාවත

  • Rs. 150.00

  • KBOOKS Cashback Rewards: 15

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Vimalarathna Kumaragama Kolamba Yugaye Darshanika Kaviya - විමලරත්න කුමාරගම කොළඹ යුගයේ දාර්ශනික කවියා

Vimalarathna Kumaragama Kolamba Yugaye Darshanika Kaviya - විමලරත්න කුමාරගම කොළඹ යුගයේ දාර්ශනික කවියා

කොළඹ යුගයේ දෙවැනි පරපුරේ තමාගේ සමකාලීන කවීන් බොහෝ දෙනකු රොමැන්ටික් ප්‍රවණතාවට හසුවී සොබා දහම ළමා ..

Rs. 450.00

Thagor Jeewanaya - තාගෝර් ජීවනය

Thagor Jeewanaya - තාගෝර් ජීවනය

කාලයේ අකාලික බැදීමෙන් විශ්වීය මිනිසා ඇමතූ කවියෙකුගේ අමන්දානන්දය."තාගෝර් ජීවනය"..

Rs. 450.00

Gee Winisa - ගී විනිස

Gee Winisa - ගී විනිස

හඳ රැඳි ගීතයේ ආත්මීය කියැවුම සුභාවිත ගීතයේ අරුත ප්‍රේක්ෂක මනසට කාවැද්දීම උදෙසා මෙම ග්‍රන්ථය මහඟ..

Rs. 300.00

Samanal Dalambuwo - සමනල් දළඹුවෝ

Samanal Dalambuwo - සමනල් දළඹුවෝ

රෝහල් පෝලිමේ කල් මරණ මොහොතක දී කන ළඟ ම ඇසී ගිය පාවහන් උස් අඩියේ හඬකිනි පියවි ලෝකෙට පිවිස බ..

Rs. 300.00

Kavi Nowennath Puluwan - කවි නොවෙන්නත් පුළුවන්

Kavi Nowennath Puluwan - කවි නොවෙන්නත් පුළුවන්

කැටපත් පවුර කියවා, සීගිරියෙන් බැස සඳෙස් කවි මැවූ සොඳුරු පුරවර මැදින් කොළොම්පුර වැද,සරසවියෙ..

Rs. 300.00