• Wolfan - වුල්ෆන්
ඔවුන් සියලු දෙනාට ම ඒ හඬ ඇසිණි. බිම් මහල ඔස්සේ පියවර හඬක්. එය කෙතරම් දුර්වල හඬක් වුවද වීදුරුවක් සූරන්නාක් මෙන් තියුණුව ඔවුන්ට එය ශ්‍රවණය විය... රහස් පරීක්ෂකයන් දෙ දෙනෙක්... තරුණ කාන්තාවක් සහ මැදිවියේ පිරිමියෙක්... සෙවීමට කිසිවකු නැති මනුෂ්‍යන් ඝාතනය කොට ඒ ශරීර කොටස් අනුභව කරන රැල සොයා ඔවුන් දෙ දෙන පැමිණ ඇත...
...ඔවුන්ට වඩා රැල ඉක්මන් විය යුතු ය... දෙ දෙනා දැන් ඉහළට ඒමට සූදානම් ය... හොඳින් වැඩුණු, අත්දැකීම් බහුල සහ රැල ගැන ඉව වැටී ඇති මෙවන් රහස් පරීක්ෂකයන් දෙ දෙනෙකු එක වර ඝාතනය කිරීමට වඩා දෙ දෙනා වෙන් කිරීමෙන් එය පහසු වන බව රැල සහජයෙන් ම දනී.... නායකයා ගේ ක්ෂණික තීරණය ක්‍රියාත්මක විය... මිනිස්සු නොයෙක් ශබ්දවලට ආකර්ශණය වෙති... විශේෂයෙන් කාන්තාවන්ට හොඳින් ඇසෙන ශබ්දයක්!!!
...ඉහළ මහලින් ඇසුණු කුඩා ළමයකුගේ හැඬීමක්... නොවරදින ලෙස නිවැරදිව ඇසුණු ඒ දෙසට කාන්තාව පියවර ඔස්සේ ඉහළට නගින්නට වූවා ය...
...තව මොහොතකින් රස බලන්නට ලැබෙන ලවණමය රසැති මාංශ මතක් වීමෙන් ඇමට යෙදූ දඩමීමාගේ හදවත වේගයෙන් ගැහෙන්නටත්, ආමාශය වෙත ආහාර ජීරණ යුෂ වෑස්සෙන්නටත් විය... ඔහු හැකි තරම් හොඳින්, තමා සීතල උඩු මහලේ අතරමං වුණු අසරණ මනුෂ්‍ය පෝතක‍යකු යැයි මනසින් මවා ගනිමින් ළදරුවකු මෙන් හඬන්නට විය...
මිනිස් බුද්ධියත් සුනඛ සංවේදනත් සහිතව පරිණාමය වුණු මෙවැනි රැල සිය ගණනක් මෑන්හැටන් නගරය පුරා වාසය කරති... කිසිදා මිනිසුන්ට හසු නොවී... ඔවුන් හඳුන්වන්නේ වුල්ෆනයන් ලෙසය.
තරුණ යුවලකගේ නොසැලකිල්ල නිසා රැලක් දැන් අනතුරක මාවතේය... ඔවුන් නිසා අවට ජීවත් වන සියලු රැල අනතුරේ... ඔවුන්ට තම රැල ආරක්ෂා කර ගත හැකි වේ ද ? රහස් පරීක්ෂයන් හට රැල හසු කර ගැනීමට හැකි වේ වි ද ?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Wolfan - වුල්ෆන්

  • Rs. 550.00

  • KBOOKS Cashback Rewards: 55

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Wanawasanaya - වනවාසනය

Wanawasanaya - වනවාසනය

ඕස්ට්‍රේලියා දුරු කතරේ අතරමං වූ ළමයින් දෙ දෙනෙකු පිළිබඳ සන්ත්‍රාසමය කතාන්දරය " වනවාසනය" .මතුපිටින් බ..

Rs. 350.00