• October Rusiyanu Viplawaye Kathawa - ඔක්තෝබර් රුසියානු විප්ලවයේ කතාව

917 යනු වික‍්‍රමාන්විත කි‍්‍රයා, අපේක්‍ෂා, ද්‍රෝහිකම්, ඇදහිය නොහැකි අහම්බ සිදුවීම්, යුද ගැටුම් හා සටකපට කූට ප‍්‍රයෝග, අභීත භාවය, බියගුලූකම හා මුග්ධ භාවය, පුරසාරම, වීර්යය හා ශෝකාන්තය යන සියල්ල එකම දාමයක්ව බැඳුණු වීර කාව්‍යයකි; එය උන්නතිකාමයේ සහ වෙනස්වීමේ යුගයකි; එය ඇස් නිලංකාර කරවන ආලෝකයේ, ශක්තියේ, අඳුරු සෙවණැලිවල යුගයකි; එය මහාමාර්ග, දුම්රිය මාර්ග සහ දුම්රිය පිළිබඳ යුගයකි.
රුසියානු විප්ලවය ගැන අප කෙතෙක් නම් පොත් කියවා තිබේ ද? එසේ වුව ද ඒ විවාදාත්මක සිදුවීම් ජාලය පිළිබඳව ලියා ඇති අන් කවර පොතකට ද වඩා මේ කෘතිය සුවිශේෂී එකක් වන්නේ එය එම විප්ලවයේ අඳුරු අහුමුළු ද එළිය කරමින්, ඊට දායක සහ නායක වූ චරිත මැදහත් මනසකින් යුතුව විස්තර කරන නිසාම පමණක් නොවේ. ඒ සිදුවීම් මාලාව ශූර නවකථාකරුවකුගෙන් පමණක් බලාපොරොත්තු විය හැකි ආකාරයට පාඨක කුතුහලය ද අවුළුවමින් ඔහු ගොනු කරන විලාසය ද නිසාය. කුඩා දිය සීරාවක් ලෙස ඇරඹි ඔක්තෝබර් විප්ලවය නමැති මහෝඝය ඇළ, දොළ, දියකඳුරු, අතු ගංගා එකතු කර ගනිමින්, වන වදුලූ, තුරු වදුලූ, තැනි බිම් මැදින්, ගල් පර මතින් ගලා යන ර`ග, අප හමුවේ නාටකීය ලෙසින් ඉදිරිපත් කරන ප‍්‍රබුද්ධ ශෛලිය ද නිසාය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ithihasaya Hamuwe Layanal Bopage - ඉතිහාසය හමුවේ ලයනල් බෝපගේ

Ithihasaya Hamuwe Layanal Bopage - ඉතිහාසය හමුවේ ලයනල් බෝපගේ

රෝහණ විජේවීර මහා සෙනග ඇමතීමට නැගී සිටියේය . ඔහු සිය කතාව අරබුවේ මෙසේය 1971 දීත් ඉන්පසුවත් දුකේදීත් ස..

Rs. 900.00

Doyly Dutu Udarata Rajya - ඩොයිලි දුටු උඩරට රාජ්‍යය

Doyly Dutu Udarata Rajya - ඩොයිලි දුටු උඩරට රාජ්‍යය

ලංකාව 1815 දී ඉංග්‍රීසීන්ට අල්ලා ගැනීමට ඉඩ සැලසුණු ඓතිහාසික ක්‍රියාවලිය තුළ ජෝන් ඩොයිලිගේ භූමිකාව සු..

Rs. 450.00