• Nethra - නේත්‍රා

මගේ මුළු සර්වාංගය ම දැවෙන්නටත්, තැවෙන්නටත්, පිච්චෙන්නටත් විය.මම තව තවත් විනාශයට ඇදෙමින් සිටියෙමි.ජීවිතයට උරුමකමක් හෝ අවසරයක් නොමැති තරම් විය.පීඩාව හැර කිසිවක් ඉතිරි නොවී ය.

මම වමතින් කුස පිරි මැද්දෙමි.බිත්තියට වාරු වී මොහොතක් සිටියෙමි.හිස බිත්තියට තබා තද කළෙමි කොහේ සිට හෝ මගේ අයැදුම අසන්නට කෙනෙක් එතැයි සිතීමෙන් ඔහේ විකාරයෙන් මෙන් කතා කළෙමි.

'අනේ මගේ අම්මේ.දෙවියනේ මෙච්චර පව්කාර එකියක් මොකට ද ලෝකෙට හැදුවෙ? දුක් විඳල.. දුක් විඳල.... මැරිල යන්නට අපි උපදින්නේ? මෙහෙම දුක් විඳල මැරෙන්න මට බෑ. අනේ මගේ අම්මේ.... මං මැරිලා යන්න ඉස්සර මගේ ළඟට එන්න මගේ අම්මේ. අනේ... දෙවියන්ටවත් මගේ දුක පේන්නෙ නැද්ද දෙවියනේ...?'

මම බිත්තිය දිගේ රූටා වැටෙමින් ම ඉදිරියට ගියෙමි. මා මේ මන්දිරය කිළිටි කරන පව්කාර වෙසඟනක ද?

එහෙත් මේ මහා තාප්පවලින් වට කළ ලෝකය මට වඩා කෙතරම් කිළිටි ද?

මම විශ්වගේ පියාගෙ නිදන කාමරය දෙසට ඇදුණෙමි.සෙරක මෙන් - විකල් ගැහැනියක මෙන් කාමරයට එබී බැලුවෙමි.ඔහු මත්පැන් වීදුරුවක් දෙතොලතර තබමින් සිටී.අඩක් හිස් කළ බෝතලය ඇඳ අසල ඔහුට තනි රකී.මත් වූ ලොවි ගෙඩි මෙන් රතු වූ දෑස විහිදුවා ඔහු මදෙස බැලුවේ ය.

මම තීරණයක් ගත්තෙමි.

මම දෙවරක් නොසිතා ම ඔහුගේ කාමරයට රිංගුවෙමි.දුල්ලෑව දෙසට රාගික මායා බැල්මක් හෙළීමී.ශබ්ද නොනැගෙන්නට දොර වැසුවෙමි.දුල්ලෑව තුෂ්ණිම්භූතව මදෙස බලා සිටියේ ය.මම ඔහු සමීපයට ගියෙමි.ඔහු අසල ඇගේ දැවටෙමින් යහනේ වාඩි වීමි.දුල්ලෑවගේ හිසේ සිට නළල හා මුහුණ හරහා ගෙල දක්වා මගේ දෑත යවා ඔහු පිරි මැදීමි.බෝතලය අතට ගෙන වීදුරුව පුරවා එය ඔහු අතට දුනිමි.දුල්ලෑව නිසලව බලා සිටියේ ය.

'බොන්න.'

මම තෙපළීමි.ඔහුට එකග නොවී බැරි විය.සැණෙකින් ඔහු මත්පැන් වීදුරුව කටට හලා ගත්තේ ය.

'නේත්‍රා ඇයි මේ?'

ඔහු සැලෙමින් හා උණුසුමින් ප්‍රශ්න කළේ ය. මම තව වීදුරුවක් පුරවා ඔහුගේ අතේ තැබුවෙමි.

'ආදරේට....'

මම රාගික වියරුවකින් කීවෙමි.දෙවරක් නොසිතා ඔහු දෙවන වීදුරුව ද හිස් කළේ ය.

'මොනවද මගෙන් ඕන?'

හිමි හිමින් මම ඔහුගේ කමිසයේ බොත්තම් විවර කර කමිසය අහවර කළෙමි.ගුලියක් කොට යහන පල්ලට දැමීමි.ඔහුගේ ගෙලත් පපුවත් පිරිමැදීමි.

'කැමති දේවල් ඔක්කොම ගන්න.'

මම ඔහු පෙළඹීමි.සැලෙන දෑතින් ඔහු මගේ මුහුණ අල්ලා ගත්තේ ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Nethra - නේත්‍රා

  • Rs. 900.00

  • KBOOKS Cashback Rewards: 90

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Pirimi Godai Man Witharai - පිරිමි ගොඩයි මං විතරයි

Pirimi Godai Man Witharai - පිරිමි ගොඩයි මං විතරයි

"හලාවත මාළු කරූ ටෙලි නාට්‍යයක් කළා, සංඝමිත්තාවගේ ලංකාගමනය ගැන. මං ඒකෙ අග්‍ර උපාසිකාවගේ චරිතයට රඟපෑවා..

Rs. 650.00

Lalanayanaya - ලලනායනය

Lalanayanaya - ලලනායනය

1415 හයවැනි පරාක්‍රමබාහු ලංකාවේ රජවෙනවා. එයාගෙ දුවෙක් තමා ලෝකනාථා. පරාක්‍රමබාහුට ළමයි නැති නිසා එය..

Rs. 900.00

Kolapata As - කොළපාට ඇස්‌

Kolapata As - කොළපාට ඇස්‌

මෙය විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවය..

Rs. 1,600.00

Amma - අම්මා

Amma - අම්මා

මේ නව ප්‍රබන්ධයෙන් විසිවෙනි සියවසේ අවසන් කාර්තුවේ නගරයට සංක්‍රමණය වූ නිර්ප්‍රභූ පංතියක ඉතිහාසය කිය..

Rs. 1,600.00

Ape Adara Kathawa - අපේ ආදර කතාව

Ape Adara Kathawa - අපේ ආදර කතාව

පාරිශුද්ධ චමත්කාරයට මෛත්‍රී කරගෙන හඳ එළිය වැඩම කරනවා මගේ කාමරයට. මට ඔයාව මතක් වෙනවා. මට පුළුවන් නම් ..

Rs. 550.00

Wasanthaya Enawa Saththai - වසන්තය එනවා සත්තයි

Wasanthaya Enawa Saththai - වසන්තය එනවා සත්තයි

දම්පාට මල් පදුර උඩින් ලොකු කහපාට සමනළයෙක් පියෑඹුවා.මං හිතුව කවද හරි නළුවෙක් වෙනව කියල.අපේ අක්කා ඒ කා..

Rs. 450.00

Sarasavi Diyaniyo - සරසවි දියණියෝ

Sarasavi Diyaniyo - සරසවි දියණියෝ

ලොව පහළ වූ විශිෂ්ටතම කලා නිර්මාණ සියල්ලක්ම පාහේ ප්‍රේමය ප්‍රභව කොටගෙන හෝ ආත්ම කොටගෙන හෝ බිහිවූ නිර්ම..

Rs. 400.00

Wassana Sihinaya - වස්සාන සිහිනය

Wassana Sihinaya - වස්සාන සිහිනය

ප්‍රේමයේ නිදහස හෙවත් ස්වයන්වරයට එරෙහිව පවතින ආර්ථික කොන්දේසි ප්‍රශ්න කිරීමක් මෙන්ම&nb..

Rs. 1,200.00

Adare Tharam Ma Yasodara - ආදරේ තරම් ම යසෝදරා

Adare Tharam Ma Yasodara - ආදරේ තරම් ම යසෝදරා

ඔයා සිනිඳුයි ; හරිම මෘදුයි; පුදුම තරම් උනුසුම්. තැළිලා පොඩිවෙලා, මිරිකිලා, ඔයා මගේ ළඟ ඉන්නකොට මට ..

Rs. 800.00

Nirwana- නිර්වාණ

Nirwana- නිර්වාණ

ගොළු මුහුද ලඟ හෝ ගා සුසුම් ය. සාරදා ය. මලීනා ය. නතාලියා ය. රතුපාට නියඟලා මල් ය. පා පැටලෙන රමණී ය. ඇ..

Rs. 1,000.00

Thumbasaka Vilapaya - තුඹසක විලාපය

Thumbasaka Vilapaya - තුඹසක විලාපය

" කොරකගහහෙනේ තැන තැන ඇවිදිමින් කෑමක් බිමක් ඉල්ලන තත්ත්වයට තිලකාවතී පත් වුයේ ඉන් පසුවය . වාඩියෙන් ව..

Rs. 700.00

Gemba - ගෙම්බා

Gemba - ගෙම්බා

පුසාට බය නැතිව ළිං කටින් ගොඩ එන්න...

Rs. 250.00