• Del Bodhiya - දෙල් බෝධිය

ගල් වඩුවා, ගල් වඩුවා ම ය.
........................................

අඩුමිටි කියත් ගත්
පාඩිගේ පෙලපතේ ගඩ්ඩා
ලොකු පොඩි කාගෙත්
ඕනැ අගු වහලෙකට නැග්ගා
ගානට නූලට
කපුටු පාදය වද්දා
අට්ට වහලයට නම් දරාපු
මතායස් වඩ්ඩා

අයිනෙ ම කපන වඩිම්බුව
පලංචිය වෙන්නෙ උණ බම්මුව
වරක්කල සීරුමට සරිවන
ලී තුන්ඩුවකි විට පිරුණු මුව අඩල

කැට යත්තකි ඒ ඇස් දෙක

ගිනියම් කමලකර
නොම කරත් වෙහෙසකර
යුහුසුළුව එහෙ දුවත් මෙහෙ දුවත්
ඇලිස් කටු, නියන්, පැංසල් වටකරන්
පියස්සට වන් කොබෙයියකි
හරින ඉදහිට ගිමන්

අඩු පඩි ලැබෙන
උඩ වැඩට
හැමදාමත් කැඹුරුවේ
'වහල්' වැඩට

ඇහුවාම ජීවිතේ සුන්දර ද ?

දැන වෙළෙදං
නොදැන ගොවිතැන්
නොකර බැරි වඩුකම්
" ජේසුගේ තාත්තත් වඩුවෙක්නේ"
මතායස් බාස් කිව්වා .

=================
දෙල් බෝධිය
24 වන කවිය

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Del Bodhiya - දෙල් බෝධිය

  • Rs. 600.00

  • KBOOKS Cashback Rewards: 60

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Anichchanuga - අනිච්චානුග

Anichchanuga - අනිච්චානුග

"වජිර දීප්ති වීරකෝන්ගේ පළමු කවි එකතුවයි. කවියා විවිධ රීතියේ කාව්‍ය තේමා-ආකෘති පිලිබදව වඩාත් උත්සුක බ..

Rs. 180.00