“මම කවුද, කොහෙන් ආපු එකෙක්ද කියා නොදැන මට ළං වෙන්ඩ බය නෑ? ‘’
ගිරිමේඛල සැහැල්ලු බැල්මකින් බැලුවාය.
“මට එව්වා හිතන්ඩ මතක් වුණේ නෑ. වෙදකමට ඒවා අදාළ නෑ නෙව…"
කුමාරයාට හිනාවක් නැගිණි.
“එතකොට මේ වෙදකමක්ද?”
“නැතුව…… ආදරේ තරම් දෙන්ඩ පුළුවන් හොඳ වෙන බෙහෙතක් තියෙනවද, මනුස්සයෙක්ට?”
ගිරීමේඛල කියන්නේ බොරු නොවන වග කුමරු දන්නේය.
කොහොම වෙතත්, රටේ මහරජ්ජුරුවන්ගේ පුත්රයා තමාට උමතුවෙන් මෙන් ආලය කරන වග දැනගන්නා මොහොතේ ගිරිමේඛල නම් පුදුම වන වග කුමරු දැන උන්නේය.
ගිරීමේඛල ආයෙමත් අනෙක් පස හැරුණාය. කුමරුගේ අතක් ගෙන තමා වටේට වෙළා ගත්තාය.
“මට කවදාවත් බැරිවෙයි අමතක කරන්ඩ…”
ගිරිමේඛල අඩවන් වූ දෑසින් කෙඳිරුවාය. නිදිබර හඬ තුළ තිබුණේ අමුතුම අලංකාරයකි, ශෘගාරයකි.
“මොකක්ද?”
“ඒ මොහොත… ඒ විල… මේ රෑ… ඔයා… මම මළත් දවසක ඔය විල ගොවට එනවා උඹ හොයාන. ඉන්ඩ ඇහැකිද මම එනකන්?” ගිරිමේඛල නිදිමතේම කෙඳිරුවාය.
“මේ ලෝකෙ ඕනෙ දිය තොටක උඹ එනකන් බලන් ඉන්න ලෑස්තියි මම…" කුමාරයාද යාන්තන් කෙඳිරිගෑවේය.
- වත්සලා බාලසූරිය -
Girimekala - ගිරිමේඛල
- Publisher: Lekaka Ha Pataka Sansadaya - ලේඛක හා පාඨක සංසදය
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- - Wathsala Balasooriya - වත්සලා බාලසූරිය
- ISBN: 9786246178215
- Availability: Available
-
Rs. 1,200.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Muthu Belliyakage Kadulu Kathawak - මුතු බෙල්ලියකගේ කඳුළු කතාවක්
ජීවිතේ හැටි...චාල්ස් වෙනුවෙන් මුතූ තමන්ගේ රට නෑදෑයෝ කොටින්ම ජීවිතේ විඳීම පවා අත්හැරියා..ඒත් අන්තිමේ ..
Rs. 650.00
Bhawathma - භාවාත්ම
''එහෙම දෙයක් වෙන්න එපා දෙවියනි...'' අහිංසකි හඬා වැළපුනා...පූසාරි තමන්ගේ යාතිකාව නැවැත්තුවේ නෑ.දිගටම ..
Rs. 880.00
Parlina - පර්ලිනා
1950 පසු නුවර කලාවිය පර්ලිනා ඇය දෙස නොබලා නිවස තුළට ඇවිද ගියාය.ඒ වන විටත් සුද්ද අප්පුගේ ලාබාල බ..
Rs. 750.00