• Suranganawak - සුරංගනාවක්

".මේ අන්ධකාරයේ .. එලිය වැටෙන්නේ ...ජීවත් වෙන්නේ...ඔයා නිසා ...
කරදර මැද්දේ .. සතුට විදින්නේ...ජීවත් වෙන්නේ ..ඔයා නිසා....
ජීවත් වෙන්නේ ඔයා නිසා .......
මගේ කියා ආදරෙන් ලඟින් තියන්
සුරකින මගෙ මැණික ඔයයි සදා හදින්
මේ කුරිරු ලෝකයේ සැමදා මගේ නමින්
ඉඳින්න ජීවිතේ පුරා මගේ ලඟින් ........................"

ආදරණීය බීනූ .....................!
ලිවීමට බොහෝ දේ ඇතත් ඒ එකඳු දෙයකින් වත් ඔබට ඵලක් නොවන බව මම දනිමි.එහෙත් විස මධු පිරවූ විතෙන් දිනෙන් දින ජීවිතය සේදී යද්දී ඔබේ දෑස දෙස බලාගෙන සියල්ල කියා හමාර කර දැමීමට මට සිතේ.
නුඹ එතැයි මම පෙර මඟ බලා සිටි බවත් ඇත්තය..නුඹ වෙනුවෙන් මහමෙරකටත් වඩා වැඩි බලාපොරොත්තු , ප්‍රාර්ථනා තබා ගත් බවත් ඇත්තය.අතහැරී ගිය වසන්තය නුඹ වෙනුවෙන් දෝතට ගන්නට මම දිවා රෑ නොබලා පෙරමඟ බලා සිටි බවත් ඇත්තය..දෑස කැවී රතුවී බොදවී යන තුරු මම බලා සිටි බවත් ඇත්තය.
ප්‍රාර්ථනා උඩු සුළගේ ගසා යන්නට ඔන්න මෙන්න කියා තිබියදී ඔබ ආ හැටිත් මට මතකය.නුඹ ආවේ අන්තිම මොහොතේදීය.මම නුඹේ පිවිතුරු දෑස් දෙස ඇසිපිය නොසොලා බලා සිටියෙමි.නුඹ සිටියේ සිනා වෙන්නට අමතකව ගියාක් මෙනි,නෙතු පුපුරා මහා ගින්දරකට සිත ඉව කරද්දී , පිස්සෙකු නොවී සිටීමට මම අපමණ උත්සාහ ගත්තෙමි.ජීවිතයේ යලි කිසි කලෙක සිනහවක මල් නොපිපෙන මිටියාවතේ මම වියරුවෙන් කෑ ගැසුවෙමි.ඔබව තුරුළු කරගෙන ,ගිනියම් වූ කඳුලින් ඔබේ මුහුණ දෝවනය කෙරුවෙමි.එවර අහම්බයක් සේ ඔබට සිනාවෙන්නට මතක් විය.මම බලා සිටියෙමි.ආගිය මතකය විලාප දෙද්දී මම ඒ කිරි සිනහව දෙස ළසොවින් බලා සිටියෙමි.ඉතිං කම් නැත.ඉතිං කම් නැත.නුඹේ ඔය එක සිනාවකින් මේ දුෂ්කර ජීවන මගෙහි තව පුංචි දුරක් හෝ ඇවිදන් යන්නට අවැසි වූ දිරිය ශක්තිය මට ලැබෙන බවද මම දනිමි.
අදටත් මේ මොහොතේත් නුඹේ ඔය මුදු අතැඟිලි වල උණුසුම මට ජීවිතය කියාදේ.
"..ජීවිතයට අමාවක ආ කලට ....
කාටත් හොරා ඔබ පුන්සඳ උනා මට..
මතු මා යතත් මට වෙන් කල අපායට ..
හිනැහී ඉන්න ඔබ දෙව්ලොව වළා පිට...."

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Suranganawak - සුරංගනාවක්

  • Rs. 620.00

  • KBOOKS Cashback Rewards: 62

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්