• Unu Hima - උණු හිම
1942 දෙසැම්බරයේදී ස්ටාලින්ග්‍රාඩයේ සිරවී සිටි ජර්මානු සේනාංක වෙත ආධාර පිනිස යවන ලද මැන්ස්ටීන් සෙන්පතිවරයාගේ ජර්මානු සේනාංක නතර කිරීම සදහා යවනු ලබන රුසියානු සේනාංකයක් පිළිබඳව මෙමෙ විශිෂ්ට නවකතාව ගොඩ නැංවේ.
දුම්රිය මගින් ස්ටෙප්ස් බිමට ගෙන යන සේනාංක ආරම්භයේ සිටම ජර්මානුවන් ගේ දැඩි ප්‍රහාරයන්ට ලක්වන ආකාරයත් සේනාංකය මෙහෙයවන නිලධාරීන් ගේ හා අභීතව සටන් වදින සෙබලුන්ගේත් අප්‍රතිහත කැපකිරීම මතින් සිය ඉලක්කය සපුරාගන්නා ආකාරයත් මැනවින් විස්තර කරනු ලබන මෙමෙ නවකතාව සටනේ ප්‍රධාන නිලධාරීන් ගේ සිට භූමියේ සටන් වදින සෙබලාගේ මනෝභාවයන්ද මැනවින් විවරණය කරන නවකතාවකි.
කියවන්නා ඒ ඒ මොහොතේ දී ඒ ඒ චරිතය හා සමවදින්නට පොළඹවාලන නවකතාවකි.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha