• Awasana Kunchanadaya - අවසාන කුංචනාදය

වනාන්තරයේ හුදෙකලා බිමක දී තරුණ පිරිමි හස්තියෙකු සහ ගැහැණු සත්වයෙකු අතර ඇතිවන පේ‍්‍රමාන්විත හැසිරීම වෙනත් ක්ෂිරපායි සත්ව විශේෂයක් අතර දැකිය නොහැකි තරම් එකකි. විශේෂයෙන්ම මල්වර වියට පත් වී සරුමද තත්වයේ පසුවන ඇතින්නකගේ ඉව සොයා පැමිණෙන තරුණ පිරිමි හස්තියා තරම් හොඳ පෙම්වතෙකු සත්ව ලෝකයේ තවත් නැති තරම් ය. එසේ එකතුවන ඔවුහු එක්ව වනයේ සැරිසරති. එක්ව ආහාර සොයති. දියෙහි ලගිමින් දාහය නිවා ගනිති. සිය සිරුරු ස්පර්ශයෙන් අනුරාගි සිත් අවදි කර ගනිති. තවද එය දිනක් දෙකක් තුල සිදු වී අවසන් වන්නක් නොව දින ගණනාවක් පුරා ගලා යන හැසිරීම් රටාවක් වේ. ඒ වනාහි අලි ඇතුන්ගේ මධු සමය නම් කාල වකවානුවයි. අවසානයේ දී ලිංගික එක් වීමකින් අවසන් වන තෙක් මේ මධු සමය අත්හැර යාමට ඔවුහු කැමති නොවෙති.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha