මුළු අහසම අඳුරු වී වැසි වැටෙන්නට පටන් ගෙන ඇත.
උදේ තිබුණ නිල් අහස හොරු ගෙන ගොසිනි.
ඇඳ මත ඇලවී චමරි සිය කුස අනගාමින් නූපන් දරු සිඟිත්තා සමග කතා කරන්නට වූවාය.
"අනේ පුතේ ඔයාට නම් කිසිම ගානක් නැහැ නේද?
ඔයන් ආවෙ හරිම දවසක තමයි.
ග්රීස්මෙන් ඉන්නකොට අපි වැස්ස ප්රාර්ථනා කළා .
අද වහිනවා. මට මේ වැස්ස ආශිර්වාදයක්. චීන වැස්සන් එක්කම පුපුරන අකුණු මාව බය කරනවා පුනේ. කණ ළඟම හෙන පුපුරන සද්දේ හරියට මාව මගේ අරමුණෙන් ඇදලා විසිකරනවා වගෙයි. ඔයාගේ තාන්තා හිටියනම් හැමෝම කියයි වහින්නේ ඔයා ආපු සතුටට කියලා.
ඒත් දැනී__දැන් මේ වහින්නේ එයාගේ මූසලකමට කියලයි කියන්නේ.
පුතා ඕවා ගැන හිතන්න එපා අම්මා ඔයාට එහෙම කියන්නේ නැහැනේ තාත්තානේ පුතාව මට දීලා ගියේ
තාත්තා එනකම් අපි හැමදාමන් ආකාස දිහා බලාගෙන ඉමු”
Akuru pelata yatin - අකුරු පෙළට යටින්
- Publisher: Deyyandara Gamage Publishers
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- - Muditha Dayananda - මුදිතා දයානන්ද
- ISBN: 9786246109103
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60

