• Minisa Sandata Giya Kathawa - මිනිසා සඳට ගිය කතාව

නිසා සඳට ගිය කතාව (විශ්ව චාරිකාවක පිය සටහන් සහ එහි විද්‍යාත්මක, පර්යේෂණාත්මක සමාජ දේශපාලන සහ සංස්කෘතික පසුබිම

That’s one small step for man…. one giant leap for mankind”
”මෙය මිනිසෙකුගේ කුඩා පියවරක් පමණි. එහෙත් මෙය මිනිස් වර්ගයා ඉදිරියට තැබූ යෝධ පිම්මක් වනු ඇත.”
(නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පා තබමින් තැබූ සටහන)

මිනිසා විසින් ප‍්‍රථම වරට සඳ මත පා තබන ලද්දේ 1969 ජුලි 20 වනදාය.
2019 ජුලි 20 වැනි දිනට එනම් හෙට දිනට එම අසිරිමත් විශ්ව චාරිකාවට, විද්‍යාත්මක ප‍්‍රයත්නයට වසර 50ක් (1969 - 2019* සම්පූර්ණ වේ.
එම අවස්ථාව සැමරෙන මේ පොතෙහි, එම විද්‍යාත්මක හා පර්යේෂණාත්මක විශ්ව චාරිකාවේ හා සමස්ත චන්ද්‍ර චාරිකා වැඩසටහන පිළිබඳව මෙන්ම, ඊට හේතුභූත වූ සමාජ දේශපාලන හා සංස්කෘතික පසුබිම පිළිබඳව පෘථුල විස්තරයක් මෙහි අන්තර්ගතය.
මිනිසා සඳට ගිය කතාව යනුවෙන් මෙම පොත නම් කරනු ලැබුවද, මෙය චන්ද්‍රයා වටා නූතනයෙහි ගොඩනැඟුණු සංස්කෘතිය පිළිබඳ විශ්වකෝෂයක් බඳු නිර්මාණයක් වෙයි. සඳ පිළිබඳවත්, එහි යැවූ විවිධ යානා හා අභ්‍යාවකාශගාමීන් පිළිබඳවත්, ඇපලෝ යානාවල විසිතුරු ගමන් පිළිබඳවත්, සිංහල පාඨකයාට දැනගන්නට නොලැබෙන තොරතුරු රැුසක් මෙහි අන්තර්ගත වේ.
රමණීය බසකින් රචිත හෙයින් පාඨකයින්ට විද්‍යාත්මක කරුණු පිළිබඳව වුවද හොඳ අවබෝධයක් ලබාගත හැකිවේ. එමෙන්ම අප‍්‍රකට ඡුායාරූප සිය ගණනකින් අලංකෘත වන හෙයින් මෙම විෂය පිළිබඳ පුළුල් දැනුමක් ලබාදීමට මෙම පොත සමත් වෙයි. මේ විෂය පිළිබඳව සිංහලෙන් ලියැවුණු අනර්ඝම කෘතිය මෙය බව කිව හැක.
මෙම පොතේ කතුවර උපාලි ජයසිංහ මහතා, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ස්වභාවික විද්‍යාව පිළිබඳව විද්‍යාවේදී උපාධියද, භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියද, එංගලන්තයේ මෙට්රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳ ප‍්‍රථම පන්තියේ ගෞරව ඉංජිනේරු උපාධියක්ද හිමිකර ගෙන ඇති විද්‍යාර්ථියෙකි.
තාරකා භෞතික විද්‍යාව හා අභ්‍යාවකාෂ තාක්ෂණය ඔහුගේ පි‍්‍රයතම විෂය ක්ෂේත‍්‍රයයි. ඔහු එම ක්ෂේත‍්‍රයේ පර්යේෂණ කටයුතුවල නිරතව පර්යේෂණ පති‍්‍රකා ප‍්‍රකාශයට පත්කොට ඇත. තාරකා හා අභ්‍යාවකාශ විද්‍යාව පිළිබඳ ඔහු විසින් පවත්වන ලද දීර්ඝකාලීන ගුවන්විදුලි කතා මාලාව, අසන්නන් අතර ඉමහත් ප‍්‍රසාදයට පත්විය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sandata Pa Thabu Palamu Minisa - සඳට පා තැබූ පළමු මිනිසා

Sandata Pa Thabu Palamu Minisa - සඳට පා තැබූ පළමු මිනිසා

ජේම්ස් ආර්. හැන්සන් විසින් රචිත First Man; The Life of Neil A. Amstrong කෘතියේ සිංහල පරිවර්තනයයි.201..

Rs. 775.00