• Guilt - ගිල්ට්
පිරිමියෙක් එක්ක ආදරෙන් බැඳෙන ගෑනියෙකුට සිද්ද වෙනවා එයාගෙ අත්තටු අකුලගන්න. ඒ ආදරේ ඇතුලෙ බෑ ගෑනු ආත්මයක උපරිම නිදහස විඳින්න. කේ කොයිතරම් නිදහස් පිරිමියෙක් වුනත් මට සිද්ද වෙනවා එයා හින්ද මගේ වනාන්තර ආත්මය යම් තරමකට හෝ පාලනය කරන්න. ඉගිල්ලෙනවා වෙනුවට එයා එක්ක පයින් යන්න. ඒක අපිව ඩිප්රෙස් කරනවා. එහෙම ඇකිලිලා ජීවත් වෙන්න ගෑනියෙකුට අමාරුයි. ඒත් හැම ගෑනියෙක්ම පිරිමියෙක් වෙනුවෙන් තමන්ගෙ ආත්මය පුංචි කරගන්නවා. ඒ පිරිමියාගෙ ලෝකෙ ඇතුලෙ හිරවෙලා ජීවත් වෙන්න තෝරා ගන්නවා. ඒත් අපි විලංගු දාලා තියෙන අපේ අත්තටු හැමතිස්සෙම ඒවායේ උරුමය ඉල්ලාගෙන විහිදෙන්න කැරලි ගහනවා. අපි හැමදවසකම ඒ තටු කපා දමමින් අපිව දුර්වල කරගන්නවා. ගෑනියෙකුගේ උපරිමය දරාගන්න කිසිම පිරිමියෙකුට බෑ. බුදුවරයෙක් වුනත් එතනදි අසමත්. ඒත් කේ කියන්නෙ මගේ ඒ ජීවිතේ අවසානය. කේ ගියාට පස්සෙ මං මගේ අත්තටු දිගට වැඩෙන්න ඉඩ දෙනවා. මං පොලොව අත්ඇරලා මට අයිති අහසේ ජීවිතය තෝරගන්නවා. ටියුලිප් මල් යායවල් ලැවෙන්ඩර් යායවල් උඩින් මං ඉගිල්ලෙනවා. සීත හිම උඩින් කාන්තාර උඩින් මුහුදු උඩින් පියාඹනවා. මං ගොඩක් පිරිමි ගැහැණු එක්ක ආදරෙන් බැඳෙනවා. ගොඩක් සෙක්ස් කරනවා. ඒ හැමෝගෙම හදවත් මං දරුණු විදිහට තුවාල කරනවා. තුවාල වුනු හිතකට විතරයි ජීවිතේ විඳින්න පුළුවන්. මං ඒ හැමෝමව අත්ඇරලා යනවා. කවදාවත්ම ඒ ආදරවන්තයින්ට ඒ ගොල්ලොන්ගෙ පරණ ජීවිතය තරම් ආයිමත් පුංචි වෙන්න බැරි පැල්ම මම වේවි. මං වළාකුල් වෙනවා. වැස්ස වෙලා වැටෙනවා. දියපාර වෙලා ගලනවා. ග`ගක් වගේ වැඩෙනවා. මුහුදක් තරම් ලොකු වෙනවා.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Guilt - ගිල්ට්

  • Rs. 1,200.00

  • KBOOKS Cashback Rewards: 60

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Thiththa Thol - Bitter Lips - තිත්ත තොල්

Thiththa Thol - Bitter Lips - තිත්ත තොල්

ආදරේ කියන්නෙ ඒ තරං ගැඹුරු ගමනක් නෙමෙයි. ආදරෙට වඩා ගොඩක් දුර යන්න මනුස්සයො දෙන්නෙකුට පුලුවන්. එතකොට..

Rs. 550.00

Faculty Of Sex - ෆැකල්ටි ඔෆ් සෙක්ස්

Faculty Of Sex - ෆැකල්ටි ඔෆ් සෙක්ස්

ආදරය පදනම් වෙන්න ඔ්න සෙක්ස් මත. ආදරයකට වඩා ප‍්‍රැක්ටිස් කරන්න ඔ්න ආශාව. සෙක්ස් කියන එක ඔය හිතන තරම..

Rs. 900.00

Sandwich - සැන්ඩ්විච්

Sandwich - සැන්ඩ්විච්

නන්නාදුනන කෙල්ලෙක් එක්ක,රෑ නවයට-නන්නාදුනන පළාතක ගහක් යට බියර් එකක් බොන්න ලැබෙන එක..ඇරත් එ කෙනා posit..

Rs. 550.00

Virgin - වර්ජින්

Virgin - වර්ජින්

"...කොල්ලෙක් පිරිමියෙක් වෙන්නෙ හරි සැහැල්ලුවෙන්.ඒත් කෙල්ලෙක් ගෑණියෙක් වෙන්නෙ මහ බරක් හිතෙන් උස්සගෙන...

Rs. 550.00

Love - ලව්

Love - ලව්

..

Rs. 1,350.00

Medusa - මෙඩුසා

Medusa - මෙඩුසා

ඒ පරණ ගෙදරට මෙලනීසා හරි ආසයි. ඒ පරණකම එක්ක ජීවිත ගානක රහස් සැඟවුනු ගුප්ත බවකුත් තිබුන. ගෙයක් කියන්නෙ..

Rs. 650.00