• Hithuwakkari - හිතුවක්කාරී

"මද විදුලි එළියෙන් දැල්වුණු, චාම් සැහැල්ලු දුහුල් කපු පිළියෙන් නිමැවුණු රෑ ඇඳුමෙන් වැසුනු නොවැසුනු, නූස් නොමිටි නිරූපිකා සිරුර හා සුලලිත් අංග පසඟද, නිදිබර දෙනෙත් හා සුනිසිත මුව මතින් ඇඳුනු සරල සිහින් සිනහවෙන් ඔප වැටුණු අනාලේපිත වත කමලද; දහවලෙහි ද රැයෙහිද එක සේ දිස්වන, ලාවණ්‍යාගාර පහස නොමුසු, ඡවි කල්‍යාණයෙහි ස්වභාවික ආකර්ෂණ පැහැයද; ඇය සිත තුල සටහන් වූයේ නොවැටහෙන මිශ්‍ර හැඟීමක්ද උපද්දමිනි."

"දිය හිඟව සෙමෙන් ගලන කඩතොළු ඇළ නඟන සිහින් සරසරය, ඉඳහිට හමන මලානික කාෂ්ඨක සුළඟට  නතු ව වියළි තුරු හිමිගෙන් වියෝ ව තෙත  රහිත මිහි මත පතිත වන වියපත් කොළයක ශෝකී ස්වරය, හිරු හා උරණ ටකරම් තහඩු මවන උණුසුම් වාෂ්පී තාපය, පොඩීත්තියගේ නැවුම් සිරුරේ සජීවී සංවේදනය, සිය ඇලපතට වදින සිඟිති නැහැ පුඩු අගින් විහිදෙන කෙටි හුස්ම දනවන තෙත් රත් පහස, ශාන්තී සිතුවිලි නිදන, කාලය නිසල, හුදෙකලාවක් නොවන හුදෙකලාවක, ආස්වාදයක් නොවන ආස්වාදයක, හිස් බවක් නොවන හිස් බවක, දැහැන්ගත කළාය."

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Hithuwakkari - හිතුවක්කාරී

  • Rs. 400.00

  • KBOOKS Cashback Rewards: 40