• Wasaga - වසඟ

රාත්‍රිය පිනිබර විය. ගහ කොළ, රෑ බෝ වී නැගෙනහිරින් පෑයූ සඳ එළියේ ගොළු අවතාර පරිද්දෙන් පිදුරු මඩුව වට කොට එස වී තිබිණි. හෝහපුටු වදය තිබුණ ද නැදුන්ගේ බර නින්ද නොබිඳිණි…

ඉරිමා උදේ යාන්තමින් දුඹුරුවන් ආලෝකය අඳුර තුනී කරන්නට පටන් ගනිත් ම නැදුනේ අවදි වූයේ ය. කොබෙයියකුගේ ස්වරයට අනතුරුව කුකුළන් එකා දෙන්නා හඬලනු ඇසිණි.

දෑස් විවර කරත් ම සුදු පිරුවටයක් පරිද්දෙන් හාත්පස මීදුම ගලා ඇති අයුරු ඔහු දුටුවේ ය. වකගැසී ගත් ගමන් පොඩ්ඩි සිටියේ නිදමිනි. සීත ද, කයෙහි පිබිදුණු ස්වභාවය ද ඔහු ඈ උණුසුම් සිරුර වෙත ළං කෙරිණි

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Wasaga - වසඟ

  • Rs. 1,200.00


Tags: Wasaga - වසඟ