• Mage Hapankam - මගේ හපන්කම්

"කාලකණ්නියා මහාපාරේ රස්තියාදු වෙන්න විතරයි දන්නේ . මෙහෙවර . මෙන්න මේ ලිප පත්තු කරලා දියන් . මේ දුම හින්දා මගේ ඇසුත් පොට්ට වෙලා...! යැයි අම්මා කීවාය.

ලිප මෙලවීම හැර කළ හැකි අන් කිසිවක් නොවීය . ලිප අසලට වී ඇන බා ගෙන කටින් පිඹින්නට වීමි. දුම නිසා දෑස්‌ කඳුලින් පිරිලාය . තොප්පිය යට ඇති බිත්තරය හිසටත් තොප්පියටත් අතර ඇති කුහරය තුළ ඒ මේ අත පෙරලෙන්නේ කුකුළු පැටියකු පිට කිරීමට අවස්තාවක් සොයන්නාක් මෙනි . කුස්සිය තුළ අධික උණුසුමකි . යන්තම් ගිණි ඇවිලවීමට මට හැකි විය. මගේ බඩේ සිට කකුල් දිගේ යමක් ගලන බව මට දැනේ . රස්නය නිසා සත්ත්ව තෙල් කුට්ටිය දිය වී යාමට පටන් ගෙන ඇත ...............................අම්මා මා දෙස බලා සිටින්නේදැයි දන ගැනීම පිණිස මම ඈ දෙසට හැරුනෙමි. එවිට මගේ හිසට පහරක් වැදිණි................ අම්මා මා දෙස ඕනෑකමින් බැලුවාය . තොප්පියට යටින් තිබූ බිත්තරය කුඩු වී කහ මදය හා සාරය, කපෝලය හරහා දකුණු කම්මුල දක්වා වෑස්සෙයි . මගේ හිසට පහර දෙන විට බිත්තර කටුව බිඳෙන හඬ ඈට ඇසුණු බව දැන් ඈට මතක් විය. මගේ හිස් කබල පොඩි වී මොළයෙන් ඕජස් ගලන බවවත් ඈ සිතුවාද ?....

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Mage Hapankam - මගේ හපන්කම්

  • Rs. 425.00

  • KBOOKS Cashback Rewards: 43

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්