• Manikkawatha - මාණික්කාවත
2016 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

‘සෙංකොට්ටං’ නම් සිය පළමු නවකතාවෙන්ම පාඨක විචාරක අවධානය නොඅඩුවම ලබා ගත් මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල සිය දෙවන නවකතාව ‘මාණික්කාවත’ නමින් තිළිණ කර තිබේ. කතා රසයෙන් වෙන්ව ගත් කල්හි පවා මානයන් කිහිපයක් ඔස්සේ කියවීමට තරම් සියුම් පරාස රැුසක් මෙහිදී හමුවන බැව් පෙනී යයි. බැලූ බැල්මට මෙය කෙටි නවකතාවකි. (පිටු 165) එහෙත් පරම්පරා හතරක ජීවන විලාසය අතිශය සංක්ෂිප්තව මෙමගින් නිරූපිතය. ඒ සංක්ෂිප්ත බව මහත් අඩුපාඩුවක් සේ පෙනී යයි. එහෙත් අඩුපාඩුවලින් ගහණ වූ ජීවිතය අප අතහැර නොදමන්නා සේ මෙයද අතහැර නොදැමිය යුතුය. එක අතකින් මෙය ජනශ‍්‍රැතිය ඇසුරෙන් ලියැවුණු දැනුම් මණ්ඩපයකි. සාහිත්‍යය තුළ නව යෙදුම් ආකල්ප නිර්මාණය කරන්නාවූ පර්යේෂණයක් ලෙසද තවත් අතකින් සිතිය හැකිය. සමාජ, සංස්කෘතිකමය පරිවර්තනය හුවා දක්වන කෙටි ප‍්‍රබන්ධයක් ලෙසද සත්‍ය සිදුවීමේ සහ සත්‍ය ස්ථාන මූලික කොටගත් කතාන්දරයක් ලෙසද හඳුන්වා දිය හැකි අතර ගැමි දිවියේ විශිෂ්ටතා, ඇදහිලි, විශ්වාස, ආගම, කුලය, සූරාකෑම, දූෂණය මතු නොව දුබලයා සහ බලවතා අතර වූ නිහඬ අරගලය, ඉඩම් ගැටුම, රටේ කැපී පෙනෙන වෙනසක් ඇති කළ 1958 අංක 01 දරන ගොවි පනත වැනි සියල්ල අතරේ තවදුරටත් අප පතන උසස් වූ මානවවාදී ප‍්‍රවණතා පිළිබඳවද කතුවරයාගේ මූලික අවධානය යොමුවී ඇති අයුරු පෙනේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා

Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා

විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..

Rs. 450.00

Senkottan - සෙංකොට්ටං

Senkottan - සෙංකොට්ටං

2013 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.කුලවතුන්ගේ කිළිටි ඇඳුම් සෝදමින් දිවි ගෙවන ර..

Rs. 900.00

Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක

Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක

කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..

Rs. 520.00

Apoiyawa - අපොයියාව

Apoiyawa - අපොයියාව

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් රචිත අලුත්ම කෘතිය...

Rs. 700.00

Mini Dadiri - මිණි දැදිරි

Mini Dadiri - මිණි දැදිරි

2020 නූතන ම සිංහල කවියට වින්දනාලෝචනයක් 2020 වසරේ පළ වූ සිංහල කවිය පිළිබඳ තුලනාත්මක විග්‍රහය සමඟ..

Rs. 450.00

Pani Lunu Dehi - පැණි ලුණු දෙහි

Pani Lunu Dehi - පැණි ලුණු දෙහි

මේ කියන දවසේ මං ඉස්කෝලේ ගියේ නෑ. ඔය අට අනූවක් රෝග වලින් එකක් හැදිලා කියලා අම්මව රවට්ට ගන්න ඇති.අම්මා..

Rs. 1,075.00

Yuganthayaka Arunalu - යුගාන්තයක අරුණලු

Yuganthayaka Arunalu - යුගාන්තයක අරුණලු

රෑ මැදියම කවුරුන් හෝ තමාගේ කකුලෙන් ඇද සෙලවීමත් සමඟම බීනූ පිබිදුනාය.සාරා වාඩි වී යමකට ඇහුම්කන් දෙනු ප..

Rs. 350.00

Senkottan

Senkottan

Winner of the H.A.I. Goonetileke Prize for Literary Translation 2020සම්මානිත සෙංකොට්ටං ග්‍රන්ථයේ ඉංග..

Rs. 1,200.00

May Maara Prasangaya - මැයි මාර ප්‍රසංගය

May Maara Prasangaya - මැයි මාර ප්‍රසංගය

" මං එදාම රතු රෙදි ගෙනල්ලා මැයි මල් හදන්න පටන් ගත්තා ගෙදර. මං වෙන කිසිම  වැඩක් නොකර උදේ හවස මල්..

Rs. 700.00