• Maranaye Sewanalla - මරණයේ සෙවණැල්ල

මන් ඇත්තටම මේ ගමන ආවෙ අපි මේ ගමනට හැමදේම ලෑස්ති කරල තිබුන නිසා . ..මට ඕන උනේ නෑ ඒක කඩා කප්පල් කරන්න.
..ඒක නිසා මන් උඩින් පෙන්නුවා ඔයත් එක්ක මට ප්‍රශ්නයක් නැති බව....
අපි දෙන්නටම මේ ගමන එන්න පුලුවන් බව..

" අහන්නත් ආසයි."
ඔහු කීවෙ ඔලොක්කුවට මෙන්ය.

ඔයාව මග ඇරිලා මන් තනිවෙච්ච වෙලාවෙ මට හම්බ උනා ඇත්තටම මං ගැන සැලකිලිමත් වෙන කෙනෙක්. මට ඇත්තටම ආදරේ කරන කෙනෙක්.. මාව බස් එකක දාලා තනියෙම බැහැල යන්නැති කෙනෙක්.. එයා විතරක් නෙවේ...එයාගේ පවුලම මට ආදරෙයි..

" බලාගෙන ,ඉක්මන් කොටයිලු"
ඔහු තවමත් මෙය විහිලුවකට ගත් සෙයකි.

ඔව්. මන් ඉක්මනට ආපහු එයාලව මුන ගැහෙනව ,..ඇයි දන්නවද මං එයාට හදවතින්ම ආදරේ නිසා... අනික ඔයා දන්නවද මේ නිවාඩුවෙ මන් මගුල් ගෙදරක ගිය බව?
"
හොදයිනෙ ..හොදට තිබ්බද ඒක?
ඔහු මදුවිත තොලගාමින් ඇසීය.
හහ් ..ඒ මගුල් ගෙදර මනමාලි මම!

පිටු 144

ඔහු සිය සුරතින් මගෙ නිකට මිරිකා ගත්තේය.
එසේ අල්ලාගත් ඔහු තදින් හුස්ම හෙලමින් මා වෙත නැඹුරු විය.
" උඹ දැනගනින්.....මන් ඉන්නෙ උඹෙන් ඕඩර්ස් ගන්න නෙවෙයි. ඇහුණ ද?...උඹට තේරුණ ද?

ඔව් මම බියෙන් කෙදිරුවෙමි.එසේ කෙදිරුවෙ ද ඔහුට මුහුණ නොදෙමින් ඉවත බලාගෙනය.
"මං කතාකරද්දි මගෙ දිහා බලපං " ඔහු බෙරිහන් දුන්නේය.
හොදයි ...ඕමාර්..

හොද ගෑනියෙක් කවදාවත් කොයිම වෙලාවකවත් තමන්ගෙ මිනිහව එපා කියන්නෙ නෑ.
උඹට තේරුණ ද ? ඔහු එය පැවසුවේ තදින් හුස්ම ගනිමින් පිඹිමින් පහත් සවරයෙනි.ඔහුගේ කටින් කෙළ බිදු විසිවිනි.
සිගරට් ගද හැමිණි.සිදුවන දෙය මට අදහා ගැනීමට බැරි තරම් විය.

පිටු 186

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Maranaye Sewanalla - මරණයේ සෙවණැල්ල

  • Rs. 550.00

  • KBOOKS Cashback Rewards: 55

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Menlita Mathakada Menli - මෙන්ලිට මතකද මෙන්ලි

Menlita Mathakada Menli - මෙන්ලිට මතකද මෙන්ලි

ඇය එක්වරම ගැස්සී අවදි වුයේ තම මිය ගිය පුතුගේ කටහඩ ඇසීමෙනි. " අම්මේ අම්මේ !" ඔව් .. ඒ හඩ ඇසෙන්නේ ගෙතු..

Rs. 1,500.00