” ඔයා..එදා වගේ ම මිෂෙල්ට ආදරෙයි ද නඳුල්..”
ඇනී සිහින් හඬින් විමසුවා ය.
"කාත් කවුරුවත් නැති එයාට. දැන් මං ඉස්සරට වඩා දහස් ගුණයක් ආදරෙයි ඇනී..”
තරුණයා කීවේ තිර හඬකිනි.
”මං ආවේ එයාට අයිතිකාරයෙක් ඇති කියලා හිතාගෙන..ඒ..එයාගෙ ලෝකෙ ලොකු හිස්තැනක් ඉතූරු වෙලා තිබුණෙ.ම.සමහර විට.මට ඉඩ ඉතුරු කරලා වෙන්න ඇති..මං හම්බ කරපු ගොඩක් දේවල් නියෙනවා ඇනී..ඍතුකි අක්කගෙ නාන්නා කරනවා වගේ ම මිච් වෙනුවෙන් මටත් කරන්න ගොඩක් දේවල් ඇති..”
නඳුල් කීවේ ඇන්ඩ්‍රියානා ඒ මොහොතේ කිසිසේත් ම අපේක්ෂා නොකළ අන්දමේ කතාවකි.
"කෙල්ලව සනීප කරගන්න පුළුවන් උනොත්..."
ඇන්ඩ්‍රියානා මිමිණුවේ හිස් අවකාශයට ය.
"සනීප කරගන්න එක කෙසේ වෙතත්..අවුරුදු පහයි නම් එයා ජීවත් වෙන්න නියමිත වෙලා තියෙන්නේ..එයාව අවුරුදු දහයක් හරි ජීවත් කරවන්න මට පුළුවන් වෙයි ඇනී..”
"ඇන්ඩ්‍රියානා, මිතුරාගේ අත අල්ලා ගත්තේ තදිනි.
Mathaka Pinthura - මතක පින්තූර
- Publisher: Nethro Publishers - නෙත්රෝ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Dilhani Wikramarathna - දිල්හානි වික්රමරත්න
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789550589180
- Availability: Available
-
Rs. 990.00

