• Mata Waradunu Than 1 - මට වැරැදුණු තැන් 1

ඔබ නාට්‍යයක් නරඹන්නට යමින් සිටියි. අතර මග ඔඅබට පෙනෙන්නේ අහස දෙස බලා සිටින මිනිසුන් පිරිසකි. මොහොතකින් ඔබද ඔවුන් හා එක්ව අහස දෙස බලා සිටිනවා ඇත. මක්නිසාද යත් අන් අයද එසේ අහස දෙස බලා සිටින නිසාය. 


ඔබ නාට්‍යය නරඹමින් සිටින අතර නරඹන්නන් අතරින් කෙනෙක් හිටිවනම අත්පොළොසන් දෙන්නට පටන් ගන්නවා ඇත. මොහොතකින් තවත් ය ඔහු සමග එක්වනවා ඇත.  අවසානයේ ඔබත්  සමග මුළු ශාලාවම එකාවන්ව අත්පොලොසන් දෙනවා ඇත. මක් නිසාද යත් අන් ය එසේ කරන නිසා ය. 


දැන් නාට්‍ය වසානයී ඔඅබ ශාලාවෙන් පිටට පැමිණෙන අතර දොරටුව අසල බිම තබා ඇති තොප්පියට කවුරු හෝ කාසියක් දමනවා යැයි සිතමු. මොහොතකින්   කවුරු හෝ කාසියක් දමනවා යැයි සිතමු. මොහොතකින් මුදල් ගෙවා ප්‍රවේශපත්‍රයක් රැගෙන නාට්‍යය නැරඹීමට ගිය බව අමතකව ඔබත් අන් අය හා එක්ව අතේ ඇති කාසියක් ඉදිරියේ ඇති තොප්පියට දමනවා ඇත. මක්නිසාද යත්, අන් අයද එසේ කරන නිසාය.


කෙසේ වෙතත් ජීවිතයේ අප අත්දකින සිදුවීම් එකිනෙක සියුම්ව විමසා බැලූ කල අවසානයේ අපේ ජීවිත පිරී ඇත්තේ ඉහත දැක් වූ සේම කරන්නන් වාලේ කරන, කියන දේ වලිනි. මේ හේතුව නිසාවෙන් අපටත්  නොදැනීම අප යම් යම් අන්තයන්ට වැටෙන්නට ඇති ඉඩකඩ අසීමිතය. කිසියම්ම හෝ අන්තයකට වැටීමෙන් අප අන්තවාදියෙකු බවට පත්ව නවතින්නේද නැත. ඉන් වන බරපතලම හානිය නම් අප යම් යම් දෘෂ්ටිවාදීන් බවට පත්වීමය. ඊළඟට තර්කවාදීන් බවට පත්වීමය. නොයෙක් දෘෂ්ටීන් කරපින්නාගෙන තර්කවාදීන් වීමෙන් විදින්නට හැකි මේ ජීවිතය අප කෙලවර කරගන්නේ විඳවාගැනීමෙනි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Mata Waradunu Than 1 - මට වැරැදුණු තැන් 1

  • Rs. 750.00


Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Singaroo-ku - සිංගරූ-කු

Singaroo-ku - සිංගරූ-කු

මල් කතාවක නැවතීමේ තිතට පසු බණ කතාවක් ..

Rs. 750.00

Mata Waradunu Than 2 - මට වැරැදුණු තැන් 2

Mata Waradunu Than 2 - මට වැරැදුණු තැන් 2

සැබවින්ම අතීතකාමයෙන් සහ පස්චත්තාපයෙන් තොර පසුවිපරම කෙතරම් ආනන්දජනක අත්දැකීමක්ද යන කාරණය අප අත්දුටුවේ..

Rs. 1,250.00

Wewa Rawuma - වැව රවුම

Wewa Rawuma - වැව රවුම

                            &n..

Rs. 950.00