• Mangala Samaraweera - මංගල සමරවීර

ළමා සහ තරුණ වියේදී මෙරට දේශපාලන ක්ෂේත්‍රයට එක්වීමේ අදහසක් මගේ තුන් හිතකවත් නොතිබිණි. මගේ පමණක් නොව මගේ සදාදරණීය මෑණියන් ගේ ද අදහස වූයේ මා කිසිම දිනෙක දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණ නොවිය යුතු බවය. එහෙත් අහඹු ලෙස මෙරට දේශපාලනයට එක්වීමට මට ඉඩ ලැබුණේ 80 දශකයේ අග භාගයේ සිටය. ඒ මා හිත මිත්‍ර අනුර බණ්ඩාරනායක මහතා ගේත්, දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේත් කාරුණික ඉල්ලීමක් අනුවය. දේශපාලන තිත්ත වී සිටි මගේ මෑණියන් පවා අකැමත්තෙන් හෝ මට ඒ සදහා අවසරයත්, ආශිර්වාදයත් ලබා දෙන ලද්දේ එතුමිය ඉමහත් ගෞරවයකින් සැලකු බණ්ඩාරනායක මැතිනිය ගේ ඉල්ලීමට ගරු කිරීමක් වශයෙනි.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha