• KPoint - කේපොයින්ට්

කේපොයින්ට් යනු 1989 වකවානුවේදී හමුදා බුද්ධි අංශ විසින් පවත්වාගෙන ගිය ඇතැම් වධකාගාරවලට පොදුවේ භාවිතා වූ නමකි. එසේ කෙටි වුණේ කිලිං පොයින්ට් නම් වචන දෙක ය. එය මරණයේ තුඩුව ලෙස පරිවර්තනය කළ හැකි ය.

මාතර දිස්ත්‍රික්කයේ වෙරළාසන්නයේ පිහිටි එළියකන්ද කඳු මුදුනේ එවැනි කඳවුරක් පවත්වාගෙන යන ලදී. එම කන්දට එළියකන්ද යයි නම වැටී ඇත්තේ දෙවුන්දර ප්‍රදීපාගාරයේ ආලෝකය ඒ මත වැටෙන නිසා ය.

එළියකන්ද වධකාගාරය නමින් ද ප්‍රකට වූ මෙම කඳවුර 1987දී ජවිපෙ විසින් ආරම්භ කරන ලද කැරැල්ලෙන් අනතුරුව 1990 මැද භාගය දක්වා පවත්වාගෙන යන ලදී. එය ඉතා භයානක ස්ථානයක් ලෙස දකුණු පළාතේ ප්‍රසිද්ධ විය. එහිදී සිය ගණනක් තරුණයන් මරා දමන්නට ඇත. තවත් සිය ගණනක් පිරිස් එහි කලින් කල රඳවා තබා ගන්නා ලදී. එම ස්ථානයේ සිට දිවි බේරාගත් සිය ගණනක් පිරිස් තවමත් රටේ විවිධ පළාත්වල වෙසෙති.

එළියකන්ද නවකතාව ලියන අජිත් පැරකුම් ජයසිංහ ද එම වකවානුවේ එම ස්ථානයේ රඳවා තබාගන්නා ලද අයෙකි. වසරක් හා මාසයක් පමණ කාලයක් එහි සිටි අයෙකු වූ ඔහු වසර 30කට පසු මෙම නවකතාව රචනා කළේ ය.

එහි සිරකරුවන්ගේ මෙන් ම නිලධාරීන්ගේ ද ජීවිත මධ්‍යස්ථ ඇසකින් විවරණය කරන අතර 1989 කැරැල්ලේ සිද්ධි දාමය ද මෙහි චිත්‍රණය කෙරේ. කතුවරයා මේ ඔස්සේ උත්සාහ කරන්නේ එකී ඉතිහාසය ගැන සාධාරණ විග්‍රහයක් කරන්නට ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha