• Divi Maga Dinana Maga - දිවි මග දිනන මග

"ඔබ පරිසරය අනුව වෙනස් නොවන්නේ නම්, අසාර්ථකත්වය ඔබ කරා ළඟා වනු ඇත.”

ඉදිරි දශකය තුළ ලෝක සංවර්ධනයේ දිශානතිය තීරණය කරනු ලබන්නේ දියුණු තාක්ෂණික මෙවලම් සහ මහේශාක්ය අවි ආයුධයන්ගෙන් නොව ඇසට නොපෙනෙන කුඩා වෛරසයක් සමග වන අරගලයකින් බව විසි එක්වන සියවසට පියනැගූ
නුතන මිනිසා මොහොතකටවත් නොසිතන්නට ඇත.
සියලූ ලෝක අර්ථකයන් තුළ වු කඩා වැටීම හමුවේ සංවර්ධනය පිළිබඳ වූ පුර්ව කථන, ඉලක්කම් නැවත නැවතත් වෙනස් වෙමින් පවතී.
මිනිසාට අවශ්ය, අත්යවශ්ය සහ අනවශ්ය ලෙස තෝරා ගැනීම් මෙන්ම අතහැරීමට සිදු වන දේ පිළිබඳව ධෛර්ය, ඉදිරියට විභාග වනු ඇත්තේ සාර්ථකත්වය පිළිබඳ අධිතක්සේරුවෙන් සිටි සුරක්ෂිත වටපිටාවක් තවදුරටත් වලංගු නොවන බැවිනි.

ජීවිතය දෙස නැවත හැරී බැලීමක් මෙන්ම පරතිසංවිධානය කළ යුතු ආකාරය ගැන ලියැවුණු ආචාර්ය ස්පෙන්සර් ජොන්සන්ගේ Who Moved My Cheese? කෘතිය නැවත ලොව පුරා කථාබහට ලක්වන්නේ මෙවැනි පසුබිමක ය. මිලියන 28 කට අධික සංඛ්යාවක් අලෙවි වී ඇති මෙම කෘතිය භාෂා 42කට පරිවර්තනය වී ඇත.
මෙම කෘතිය‘දිවි මග දිනන මග’ නමින් සිංහලයට පරිවර්ථනය කර තිබේ. එය පරිවර්ථනය කර ඇත්තේ ජනපරිය ලේඛකයෙකු සහ පරධාන විධායක නිලධාරියෙකු වන අජන්ත සෙනෙවිරත්න විසිනි.

පැයක් වැනි සුළු කාලයකින් කියවා නිම කළ හැකි මෙම කෘතිය, මුල් කෘතියේ ඇති සරල භාෂාවෙන් ම පරිවර්තනය කිරීමට අජන්ත සෙනෙවිරත්න උත්සාහ කර ඇති බව සදහන් කළ යුතු ය.
සියලූ අර්බුද සමග ජීවිතේ මහගිරිදඹ නඟින්නට වෙර දරන ඔබට මෙම කෘතිය විශාල කෘතිය අත්වැලක් සපයනු ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Divi Maga Dinana Maga - දිවි මග දිනන මග

  • Rs. 600.00

  • KBOOKS Cashback Rewards: 60