• Goyum Sewanalle Rana Shuraya - ගොයුම් සෙවනැල්ලේ රණශූරයා

අංගම් සටන් කලාව පැරණි යුධ ශිල්පයක් පමණක් බව දන්නා අයෙකුට එ් පිළිබඳ පරිපූර්ණ දැනුම් සම්භාරයක් ගෙන එ්මට කතුවරයා දරන ලද සාර්ථක උත්සාහයක් ලෙස මෙම කෘතිය දැක්විය හැකිය. එය තීව‍්‍ර වූ ගවේශණයක ප‍්‍රතිඵලයක් ලෙස ඔහු විසින් දැකීම නිවැරදිය.

සොබා දහම ආත්මීය කොටගත් ඍෂිවරුන්ගේ ජීවන රටාව තුළ එන බියට එරෙහි පිළිතුරක් ලෙස අංගම් හැඳින්විය හැකිය. වර්තමානයේදී තුවක්කුව, බෝම්බය, මිසයිලය වැනි ද්‍රව්‍යමය ආයුධ භාවිතයෙන් කරන සටන අංගම් ශිල්පියා කළේ ආධ්‍යාත්මික ”ශක්ති” උපයෝගී කර ගිනිමිනි. මනසට පමණක් ග‍්‍රහණය වන එම ශක්තීන් ඇසුරු කිරීම සඳහා දැහැන්ගතවීම ඔහු කළේය. එළිමහනේ ජීවත්වීම, ස්වභාවික ආහාරයන් වැළඳීම, භාවනා කිරීම, මන්ත‍්‍ර භාවිතය, ජ්‍යෝතිෂය, නිල ශාස්ත‍්‍රය හා වෙදකම ගැන දැනුවත් වීම ආදී චරිතාංග අංගම් ශිල්පියා තුළ තිබිය යුතු ආකාරය මෙහි මනාව විස්තර වේ.

අංගම් ශාස්ත‍්‍රය පුහුණුවීමට පෙර ආධුනිකයාගේ ජන්ම පත‍්‍රය හා චරිත ස්වභාවය ඇතුළු ආරම්භක සුදුසුකම් පරික්‍ෂාවේ සිට අංගම් ගුරුවරයෙකු වී අනුන්ට එම ශාස්ත‍්‍රය පුහුණුකරවීම දක්වා ක‍්‍රියාදාමයද මෙහි දැක්වේ.

බි‍්‍රතාන්‍ය යුගයේ දී හෙළ සටන් කලාව වූ අංගම් නීතියෙන් තහනම් කර තිබූ අතර බෞද්ධ වීදි පෙරහැරවල ලක්‍ෂණයක් ලෙස ශේෂ වී දැන් 21 සියවසේ නැවතත් ගෞරවණීය ආධ්‍යාත්මික හා භෞතික කලාවක් වෙමින් පවතී. එය පෝෂණය සඳහා ”ගොයුම් සෙවණැල්ලේ රණශූරයා” වැනි තවත් විශිෂ්ට කෘති බිහිවීම අවශ්‍ය වන්නේ ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Goyum Sewanalle Rana Shuraya - ගොයුම් සෙවනැල්ලේ රණශූරයා

  • Rs. 425.00

  • KBOOKS Cashback Rewards: 43

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

The Conflict That Eluded Peace

The Conflict That Eluded Peace

A Discourse On The Three-Decade War In Sri Lanka And Its End..

Rs. 2,200.00

Ashoka - අශෝක

Ashoka - අශෝක

ඉතිහාසයෙන් ගිලිහුණු භාරතය එක්සේසත් කළ ප්‍රථම මහාධිරාජයා සොයාගැනීම. ..

Rs. 2,150.00

Diyakatapahana - දියකැටපහණ

Diyakatapahana - දියකැටපහණ

සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් (සංක්ෂිප්ත සටහන්)..

Rs. 1,750.00