• Palamuwana Loka Maha Sangramaya 1914 - 1919 - පළමුවන ලෝක මහා සංග‍්‍රාමය 1914 - 1919

පළමු වන ලෝක සංග‍්‍රාමය පිළිබඳ ලියැවුණු මෙම කෘතිය විශ්වවිද්‍යාලවල ඉතිහාසය හදාරන ශිෂ්‍ය ප‍්‍රජාවට මෙන්ම සාමාන්‍ය පාඨකයාටද පරිශීලනය කළ හැකි ලෙස සම්පාදනය කර ඇත.

"Politics is war without bloodshed while war is politics with bloodshed."
- Mao Ze dong

”මා ඕ සේතුං විසින් සිදුකොට ඇති ඉහත ප‍්‍රකාශය පසක් කරමින් මානව ශිෂ්ටාචාරය ආරම්භයේ පටන් යුද්ධයේ පවතින ක‍්‍රෑරත්වය හා විනාශකාරී බව පිළිබඳව පැහැදිලි විශ්ලේෂණයක් පාඨකයාට ලබා දීමට ආචාර්ය ප‍්‍රශාන්ත පෙරේරා මෙම ග‍්‍රන්ථයේදී ගෙන ඇති උත්සාහය අගය කළ යුතුවේ. යුගයෙන් යුගයට ලොව පුරා ඇති වූ, යුද ගැටුම්වලට ජාතිවාදී, වර්ගවාදී හා අන්තවාදී ආගමික චින්තනය මුල් වී ඇති බවට ග‍්‍රන්ථය ආරම්භයේදීම කතුවරයා සිදු කොට ඇති සඳහන වර්තමානයේදී නැවත නැවත සනාථ වන බව දැකගත හැකිවේ. පළමුවන ලෝක මහා සංග‍්‍රාමයේ ආරම්භයට යුරෝපයේ එවකට පැවති මිලිටරිවාදය, ජාතිවාදය, කඳවුරුවාදය මෙන්ම ව්‍යාප්තවාදයද හේතු වූ බව කතුවරයා විසින් හේතු සාධක සහිතව පෙන්වා දී ඇත්තේය.
19 වන සියවස මුල් භාගයේදී අධිරාජ්‍ය පවත්වාගෙන යාම සඳහා යුරෝපීය ජාතීන්ට ප‍්‍රබල නාවික හමුදා තීරණාත්මක සාධකයක් වූ අයුරු මෙන්ම පළමුවන ලෝක සංග‍්‍රාමයේදී මහා බි‍්‍රතාන්‍ය හා ජර්මානු නාවික හමුදා අතර සිදුවූ මහා පරිමාණ සමුද්‍ර ගැටුම වූ ‘ජුට්ලන්ත සංග‍්‍රාමය’ පිළිබඳව කතුවරයා කරුණු ඉදිරිපත් කරන්නේ පාඨක කුතුහලය ඇතිවන අයුරිනි. එවකට ප‍්‍රාථමික අවධියේ පැවතියද ඉදිරියේදී ඇතිවන යුද්ධයකදී ගුවන් සංග‍්‍රාමික වැදගත්කම පළමුවන ලෝක සංග‍්‍රාමයේදී සමස්ථ ලෝකයටම අවබෝධ විය.
පළමුවන ලෝක සංග‍්‍රාමයේදී ගොඩබිම් සටන් අතර තීරණාත්මක වූ ලීග් සටන, මොන්ස් සටන, මාර්නේ සටන, වෑර්ඩන් සංග‍්‍රාමය, සොම් සංග‍්‍රාමය, ඉප්‍රෙ පළමු, දෙවන, තෙවන, සිව්වන හා අවසන් පස්වන සටන පිළිබඳවද විස්තරාත්මක විග‍්‍රහයක් මෙහි අන්තර්ගත වේ. එමෙන්ම ගලිපොලි සටන, නැගෙනහිර රුසියානු සටන් පෙරමුණ, ඉතාලිය හා මධ්‍ය බලවතුන් අතර සටන, මැද පෙරදිග සංග‍්‍රාමය, වසන්ත සංග‍්‍රාමය හා සියක් දින සංග‍්‍රාමය පිළිබඳව ආචාර්ය ප‍්‍රශාන්ත පෙරේරා විසින් දක්වා ඇති කරුණු ඉතා වැදගත්ය. මෙම සංග‍්‍රාමයේදී සතුන් විසින් ඉටු කළ කාර්යභාර්යය පිළිබඳ දීර්ඝ විස්තරයක් සැපයීමටද කතුවරයා උත්සාහ දරා ඇත්තේය.
සොල්දාදුවන් මිලියන 9 කට තම ජීවිත අහිමි කරමින්, මිලියන 21ක් ඉක්මවූ ජනතාවක් ආබාධිත කරමින් හා මිලියන ෙදාළහකට අධික බාල, මහලූ, කාන්තා හා පුරුෂ ප‍්‍රජාවක් ජීවිතක්ෂයට පත් කරමින් 1919/6/28 දින අවසන් වූ පළමුවන ලෝක මහා සංග‍්‍රාමයෙන් මානව ප‍්‍රජාවට හා සමස්ථ ලෝකයට සිදු වූ අතිමහත් විනාශය මෙම කෘතියේදී කතුවරයා විසින් මනාව විග‍්‍රහකොට තිබීම පැසසිය යුතුවේ.”
- විශ‍්‍රාමික මේජර් ජෙනරාල් රේනක විපුලනාත් උඩවත්ත
හිටපු නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී, ශී‍්‍ර ලංකා යුද හමුදාව

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Palamuwana Loka Maha Sangramaya 1914 - 1919 - පළමුවන ලෝක මහා සංග‍්‍රාමය 1914 - 1919

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 45

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Thawamath Kothanaka Ho Ira Paya Atha - තවමත් කොතැනක හෝ ඉර පායා ඇත

Thawamath Kothanaka Ho Ira Paya Atha - තවමත් කොතැනක හෝ ඉර පායා ඇත

හෙලකොස්ට් සමයේ මතක සටහන්මීෂා සතුටින් විනෝදයෙන් තම පවුල සමඟ ගෙවූ සොඳුරු ළමා කාලය අවසන් වන්නේ නාසි හමු..

Rs. 850.00

Uthura Ginigani - උතුර ගිනිගනී

Uthura Ginigani - උතුර ගිනිගනී

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සොයන්නට දෙමළ ජනතාවගේ දෘෂ්ටි කෝණයෙන් එම ප්‍රශ්නය දෙස බැලීම ඉ..

Rs. 450.00