ඉංග්‍රීසි ජාතික යුවලක් වූ ජෝර්ජ් වින්ටර් සහ සාරා ක්‍රේසි එංගලන්තයේ සිට මෙරටට පැමිණියේ 1818 වර්ෂයේදීය. තමන්ටම අයත් නැවකින් ගාලු වරායට පැමිණි ඔවුහු ගිං ගඟ ඔස්සේ රට තුළට පැමිණ බද්දේගම ප්‍රදේශය තම නිත්‍ය වාස භූමිය බවට පත් කර ගත්හ. පසු කලකදී ඔවුන්ගේ මුණුබුරෙකු වූ එඩ්මන්ඩ් වින්ටර් නමැති තරුණයා රැකියාවක් සොයා උඩරට තුම්පනේ ප්‍රදේශයට පැමිණෙන අතර එහිදී ඔහුට විවිධ දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවේ. මැලේරියා රෝගයෙන් බැට කන අතරම ආර්ථික දුෂ්කරතා වලින්ද පීඩාවට පත්වෙන නමුදු ඔහු සතු තුරුණු කාය ශක්තිය සහ අසීමිත චිත්ත ශක්තිය නිසාම ඒ සියලු දුෂ්කරතාවන් අභිබවා යාමට ඔහුට හැකිවේ. පසුව උඩරට සිංහල ගැමි තරුණියක හා විවාහ වන ඔහු අවසානයේ දී මෙරට ප්‍රධාන පෙළේ ඉඩම් හිමි වැවිලිකරුවෙකු බවට පත්වේ. මේ එඩ්මන්ඩ් වින්ටර් ගේ කතාවයි......
Nisala Kandu Hisa - නිසල කඳු හිස
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- - Indra Kumari Kahatapitiya - ඉන්ද්‍රා කුමාරි කහටපිටිය
- ISBN: 9789553135940
- Availability: Available
-
Rs. 1,050.00

