මං හිතන්නෙ එයා ගොළුයි. එකා උපතින්ම. එහෙම නැත්තං එයාව කවුරුහරි ගොළු කරලා. එහෙමත් නැත්තං කාටහරි බයෙන් එයාම ගොළු වෙලා. අනේ මන්දා ඇත්තටම මට මේ ගැන එයාගෙන් මුණටම අහන්න බැරිවුණා. ඒ කියන්නෙ ඒ වෙලාවෙ ඒ ගැන අහන්න මට කිසිම වුවමනාවක් තිබුන් නැ. එයාගෙ කටහඬ මොන වගේද කියලවත් දැනග න්න ඔනි උන් නෑ මට. මං පැහැදිලිවම එයාගෙ ඇස්දෙක දැක්කා. ඒවා කතා කරන ඇස්. එයාගෙ කට ගොළු වුණාට ඇස්දෙක කතා කළා. එයා තිබහකින් වගෙයි හිටියෙ. එයාගෙ සරාගී ශරීරෙ පුරාම තැන තැන රතු වෙච්ච පාරවල් තිබුණා. ගහලා වගේ. බැඳලා පහර දීලා වගේ. තැන තැන හපලා සූරලා සීරිලා වගේ. ඒත් එයා ගින්නක් වගේ දැල්වෙමින් හිටියේ. ඇත්තටම මට බය හිතුණා ඒ ගින්නෙන් මුළු ඉතිහාසයක්ම පිච්චිලා යාවි කියලා. ඒ හින්දා මං කොයිකටත් සැකෙන් තමයි එයා දිහා බලන් හිටියෙ. එයා මං උන්නු දිහාට එක සැරේ එයාගෙ අත්ල දික් කළා. මං වුවමනාවෙන්ම ඒ ලස්සන අත්ල දිහාට ඇස් මෑනුවා. මොනවා......
මුද්දරස්පලං...!
Muddaraspalan - මුද්දරස්පලම්
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Kasun Mahendra Heenatigala - කසුන් මහේන්ද්‍ර හීනටිගල
- ISBN: 9786246823009
- Availability: Available
-
Rs. 1,850.00

