• Purappattuwa - පුරප්පට්ටුව

'මට මාව ම පේනවා.' 


කුමාරි තමාට ම කොඳුරා ගත්තේ රහසින් මෙනි. මොහොතක් හිඳ යළිත් ගංපතුල වෙතට කිමිදුණු කුමාරිට යළිත් කුමාරි ව ම මුණගැසුණි. කුමාරි දෑස් හැර  ඒ දෙස බලා සිටියේ පුදුමයෙනි. 


'මට මාව හමුවෙන්න පුළුවන් එක ම තැන මෙතන වෙන්න ඇති'


කුමාරිගේ සිත තුළ උපන්නේ සතුටකි. සැහැල්ලුවකි. කුමාරි ගංදිය පතුලේ පිහිනා යමින්, නැවත නැවතත් දැස් හැර බැලුවා ය. සූර්යදෙවියවත් වීදිය බණ්ඩාරවත් කිසිවෙකුත් එහි නැත. එහි සිටින්නේ තමා ම පමණි. කුමාරිට දැනුණේ නිදහසකි. කුමාරි ගඟ දිය පතුළේ සැහැල්ලුවෙන් රිසිසේ එහාටත් මෙහාටත් බොහෝ වෙලාවක් පිහිනා ගියා ය. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Pembara - පෙම්බරා
Ahalamalee - ඇහැළමලී