"ඔය හිතේ පුංචි දුකක්වත් නැද්ද මන් ගැන… මාව මෙව්වර අසරණ කළේ ඇයි හිමන්ස. ඇයි… තවත් මට වද දෙන්න එපා… ඔයා සම්පූර්ණයෙන් ම කළේ බොරුවක්… රඟ පෑමක්… ඔයා නළුවෙක්ගෙ පුතෙක්නෙ ඔයාටත් ඒ ආභාශෙ එහෙම ම පිහිටලා තියෙනවා හිමන්ස…”
ඈ කඳුළු අතරින් කෑගසනවා. හිමන්ස නිහඬව අසාගෙන හිටියා. මේවා මේ විදිහට අතර මගක දි කතා කරන්න හිමන්ස බලාපොරොත්තු වුණේ නැහැ… එහෙත් දෛවයේ තීරණය වෙනස් කරන්න ඔහුට හැකි වූයේ ද නැහැ…
"දන්නව ද මන් කොච්චර ආදරේ කළා ද කියලා… පිස්සුවෙන්… පිස්සුවෙන් ආදරේ කළේ… මගෙ මූණ දිහාම බලාගෙන අර විදිහෙ කතාවක් කීවෙ කොහොමද හිමන්ස ඔයා… රවීන් ඒ විදිහට පළිගන්න එයාගෙ නංගිට ඔයා මොකද කළේ හිමන්ස… ඇයි දෙයියනේ මන් ඔයා කියපු සුරංගනා කතා ඔක්කොටම රැවටුණේ… ඇයි… මන් කාත් කවුරුවත් නැති අසරණ කෙල්ලක් බව දැන දැන ම ඇයි මට මේ තරම් දුකක් දුන්නෙ හිමන්ස ඇයි?
Sanda Yahana 2 - සඳ යහන 2
- Publisher: Mathaka Publishers - මතක ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ruwani Liyangolla - රුවනි ලියන්ගොල්ල
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786246523053
- Availability: Available
-
Rs. 1,400.00