ප්‍රසාද් ජයසිංහ හා මුලින්ම හඳුනාගන්නේ වස් නැවතුම්පොළකදීය. ඒ ඔහුත් මාත් එකම බස් රියක නැගී අපගේ රැකියාවන් කරා ගමන් කළ අදින් දශක තුනකට ආසන්න වූ කාලවකවානුවකදීය.එකල අප අපට සමීප වීමට වඩාත් හේතු සාධක වූ මහා පොදු සාධකය වූයේ එවක අප දෙදෙනාම පත්තරකරුවන් වීමේ නෑදෑකමයි. ක්‍රිකට් ලොව, ලංකාදීප ඈ මුද්‍රිත මාධ්‍යයන්හි සේවය කළ කෘතහස්ත ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ලෙස එවක මා හඳුනාගෙන සිටි ප්‍රසාද් ඉන් වසර ගණනාවකට පසු යළි මට හමුවන විට විදෙස් රටක පදිංචිව දිවිගෙවන නවකතාකරුවෙකු බවට පත්ව සිටියේය. සිය කුළුදැල් නවකතාව "අපි තනි නෑ" නමිස් 2023 වසරේදි ඊට හාත්පසින්ම වෙනස් වූ ආදර කතාවකින් පාඨක හදවත් ආමන්ත්‍රණය කරන්නට සැරසෙන මේ මොහොත,කුතුහලයෙන් පිරිපුන් එකකැයි මට සිතේ.ඒ... නාඩාන් උල ලේනි එතරම්ම කුතුහලය සහ ආදරය ආත්ම කොට ගත් නවකතාවක් වන බැවිනි.
මංජුල ප්‍රභාත් හෙට්ටිඅරච්චි
Nadan Ulaleni - නාඩන් උලලේනි
- Publisher: Prabhani Publishers - ප්රභානි ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- - Prasad Jayasinghe - ප්‍රසාද් ජයසිංහ
- ISBN: 9786246603021
- Availability: Available
-
Rs. 1,200.00