• Obata Nowe Batiththanta - ඔබට නොවේ බටිත්තන්ට

දිවි නසා ගනිමි මම

මම දැනුත් දැක්කේ
වැසිකිළිය පාදමෙහි කලු පාට
තිස් වසරක්ම සුදු පැහැය ටිකෙන් ටික දුරු වෙවී
ගොඩගැසුණු කලු පැහැය

නිතර සෙත් පිරිත් ඇසෙන
නුවර අසබඩ හරිත පෙදෙසක
පාලු නිවසක,මගේ කුටියෙහි
මේ දැනුත් තියෙන්නේ හිස්කම

අවසානයට ඊයේ කියා දිනයක් තිබිණ
මල් උයන් පෙනෙන මානයෙහි
මා දෙපා ඔහේ එසෑවී තැබිණ
සුපුරුදු තැබෑරුම දෙසින්
බලා නොබලා පියවර තැබිණ

කිසිවක වෙනසක් නුදුටුවෙමි
ඒ අවසන් නුවර සැරියෙහිදිත්
ඇතුළතින් පැසවන එපා වීමක් ම මිස
පාවෙන වලාවන් සමග
මගේ කුටියෙහි තෙත අඳුර වෙත
ඊයේ සන්ධ්‍යාවෙහි ඇතුල් වූයෙමි
තවත් දවසක් ගැන සිහිනයක් නැති
අතරමං වූවෙකු විලස

දැන් මේ මොහොතෙහිත් සිතෙන්නේ
වැසිකිළි පාදමෙහි තිස් වසරක් කැටි ගැසුණු අඳුර
මිස
දිවි නසා ගැනීමට අන් හේතුවක් මා හට සොයා ගත
නොහැකි වූ බව යි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Obata Nowe Batiththanta - ඔබට නොවේ බටිත්තන්ට

  • Rs. 200.00

  • KBOOKS Cashback Rewards: 20

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Andina Lada Sudu Paha Iri Satahan - අඳින ලද සුදු පැහැ ඉරි සටහන්

Andina Lada Sudu Paha Iri Satahan - අඳින ලද සුදු පැහැ ඉරි සටහන්

ඊයේ කඳු හෙල් පහුකරන් බඹරඇල්ලට ආව අපේ අරමුණ වුනේ සති අන්ත නිවාඩුව මුලට හේත්තු වුණු පෝය දවසත් වනාන්තරය..

Rs. 200.00