• Pathalilanthaya - පැතලිලන්තය

පැතලිලන්තය යනු විද්‍යා ප‍්‍රබන්ධ සාහිත්‍යයේ කඩඉමක් සනිටුහන් කළ සම්භාව්‍ය කෘතියකි. එමෙන් ම ගණිත සාහිත්‍යයේ මහත් ම සම්භාවනාවට පාත‍්‍ර වූ ප‍්‍රබන්ධ කෘතිය ද මෙය වෙයි.

පැතලිලන්ත කතුවර එඞ්වින් ඒ. ඇබට් යනු ඉංග‍්‍රීසි සාහිත්‍ය පිළිබඳ විද්වතෙකි. කෘතිය එළිදකින්නට පෙර ඔහු ප‍්‍රකට ව සිටියේ ඉංග‍්‍රීසි භාෂා සහ සාහිත්‍ය විශාරදයකු සහ ඒ සම්බන්ධ රචකයකු ලෙසිනි. එසේ ම ඔහු දේවධර්මාචාර්යවරයෙකිCity of London විද්‍යාලයේ ප‍්‍රධානාචාර්යවරයා වූ එඞ්වින් ඒ. ඇබට්, ස්වකීය විශේෂඥ ඥානයට සම්බන්ධ ක්ෂෙත‍්‍රයන්ට ම සීමා නො වී, ගණිතය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වී ය. ගණිතය ප‍්‍රධාන මෙවලම කරගත් සම්භාවනීය ප‍්‍රබන්ධයක් ඔහු අතින් බිහි වන්නේ එලෙසිනි.

භෞතික විද්‍යාව විසින් සියලූ සංසිද්ධි නිරවුල් ව පැහැදිලි කොට ඇතැ යි පොදු අදහසක් තිබුණු 1880 - 1900 යුගයේ, එම අදහස අභියෝගයට ලක් කරමින් ලියැවුණු ප‍්‍රබල කෘතියක් ලෙස ද මෙය හඳුන්වා දිය හැකි ය. ඊළඟ දශකය තුළ භෞතික විද්‍යාවට බරපතළ ලෙස වෙනස් ආදර්ශ කරා යන්නට සිදු විය.

බහුමාන විශ්වයන් පිළිබඳ අදහස විද්‍යාවට ආගන්තුක වූ සමයේ ඒ ගැන පැහැදිලි ඉඟි සැපයීමෙන් ද නවකතාව බොහෝ දෙනකුගේ අවධානයට පාත‍්‍ර වූවකි.

‘සිවුවැනි මානය’ හෙවත් චතුර්මානය යන්න අද එතරම් නුහුරු අදහසක් විය නො හැකි ය. අපගේ ඇසින් දැකීමට හැකි දිග, පළල සහ උසට අතිරේක වශයෙන් තිබිය හැකි අනෙක් මානය ගැන විචිත‍්‍ර පරිකල්පනයෙන් උපන් විද්‍යා ප‍්‍රබන්ධ හෝ චිත‍්‍රපට අද දුලබ නැත. භෞතික විද්‍යාවේ මෙන් ම ගණිතයේ මෙම බහුමාන පිළිබඳ අදහස නිරන්තරයෙන් යෙදෙයි. චතුර්මාන සංකල්පය දහ අටවැනි සියවසේ හැමිල්ටන්, ලග‍්‍රාන්ජ් වැනි ගණිතඥයන්ගේ ගොඩනැංවීම් තුළ හමු වෙයි. ඒ කෙරෙහි වෙසෙසින් අවධානය යොමු වූයේ, අයින්ස්ටයින් විසින් සාපේක්ෂතාවාදයේ මූලධර්ම ඉදිරිපත් කරනු ලැබීම සමඟිනි. මේ අතරමැදි කාලය තුළ, බහුමාන පිළිබඳ සාහිත්යික ලියවිලි කිහිපයක් ද එළිදුටුවේ ය. එයින් ප‍්‍රධානතම කෘතිය වූයේ ඇබට්ගේ නවකතාව යි.
ඇබට්ගේ නවකතාව උණුසුම් ලෙස කරලියට නගින්නේ 1920 දී පමණ ය. ඒ වන විට අයින්ස්ටයින් විසින් සාපේක්ෂතාවාදී සිද්ධාන්ත ලෝකය හමුවේ ඉදිරිපත් කොට තිබිණ. භෞතික විද්‍යාවෙහි මහ පෙරළියකට මුල් වූ මෙම සිද්ධාන්ත සහ ඒවායේ රසමුසු තැන් විද්‍යාඥයන්ගේ විෂයපථයෙන් ඔබ්බට ගොස්, සාමාන්‍ය ජනයාගේ සාමීචි මේස කරා ද පැමිණෙන්නට විය. ඇසට පෙනෙන ත‍්‍රිමාන ලෝකයෙන් ඔබ්බට මිනිස් මනස පා තබන්නට විය. සිවුවැනි මානයක් ගැන විචිත‍්‍ර කථා ඇසෙන්නට විය. ඇබට්ගේ නවකතාව, විද්‍යාඥයන්ගේත් සාමාන්‍ය පාඨකයන්ගේත් නො මඳ අවධානයට ලක් වූයේ මෙවන් පසුබිමක ය.

මෙම නවකතාවෙහි කථකයා වන චතුරස‍්‍රාකාර ජීවියා, ද්විමාන විශ්වයක වෙසෙන නීතීඥ වෘත්තිකයෙකි. කථකයා ඇතුළු සමස්ත ද්විමාන ලෝකවාසීහු ත‍්‍රිමාන විශ්වයක් ගැන හාංකවිසියක් නො දන්නෝ ය. මේ අතර කථකයාගේ සිදු වන කිසියම් වෙනසක් නිසා, වෙනත් මානවල අත්දැකීම් ලබන්නට ඔහුට හැකි වේ. ඒ අනුව ඔහු ඒකමාන විශ්වයක් ද ත‍්‍රිමාන විශ්වයක් ද දැක බලාගනී. චතුර්මාන විශ්වය ඔහුගේ කල්පනාවෙහි අවසාන විෂයපථය යි. වෙනස් මාන සහිත විශ්වයක් දෙස බැලීමේ දී ඇතිවන විරුද්ධාභාස සහ සංකූලතා, මෙම නවකතාවේ ඉහළ ගණිතමය නිරවද්‍යතාවකින් යුතු ව ඉදිරිපත් කොට ඇත. ඊට සමගාමී ව ගලා යන කතන්දරයකින් ද, සමකාලීන සමාජය කෙරෙහි එල්ල කරනු ලැබූ අතිශය සියුම් උපහාසයකින් ද එය සරසා තිබෙයි.

වර්ෂ 1920 දී Nature සංග‍්‍රහයට යුක්ලිඞ්, නිවුටන් සහ අයින්ස්ටයින් යන හිසින් ලිපියක් ලියන භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය විලියම් ගාර්නට් එහි ලා ඇබට්ගේ නවකතාව සිහිපත් කළේ ය. අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කරනු ලැබූ අදහස්වල ඇතැම් ගම්‍යමානයන්, ඊට තිස් වසරකට පෙරාතුව ඇබට් විසින් රචනා කරන්නට යෙදුණු ප‍්‍රබන්ධයේ අඩංගු වූ බව විද්‍යාඥයන්ට දැනගන්නට ලැබිණ. ඉන් පසු මෙම කෘතිය විද්‍යාඥයන්ගේත් ගණිතඥයන්ගේත් නො මඳ අවධානයට ලක් විය. එහි එන තියුණු උපහාස ශෛලිය ද හේතු කොටගෙන සාමාන්‍ය ජනයා අත නිතර ගැවසෙන ග‍්‍රන්ථයක් බවට ද එය පත් විය.

ඉහළ ජ්‍යාමිතික නිරවද්‍යතාවකින් යුතු ව, එතරම් ඈත කාලයේ බහුමාන විශ්වයන් පිළිබඳ අදහස නවකතාවකට ගොනු කිරීම විස්මයට කරුණක් බව ප‍්‍රකට ගණිත ලේඛකයෙකු වන මහාචාර්ය කොලින් ඇඩම්ස් පවසයි. ඔහු මෙය සලකන්නේ, විද්‍යාත්මක සොයාගැනීම් ගණනාවක් සඳහා පසුතලය සකසා දුන් ග‍්‍රන්ථය ලෙස යි. බහුමාන සාහිත්‍යයේ තවත් පුරෝගාමී ලේඛකයකු මෙන් ම ගණිතඥයකු ද වූ චාල්ස් හින්ටන් :1853 – 1907* පැතලිලන්තය නවකතාවට පසුවදනක් බඳු An Episode of Flatland නම් ප‍්‍රබන්ධයක් කළේ ය. මීට අමතර ව, බොහෝ ගණිතඥයන්ගේ පසුකාලීන කෘති සඳහා – විශේෂයෙන් මෑත භාගයේ බිහි වූ ගණිත සාහිත්‍යය සඳහා මූලික උත්තේජකය වූයේ ඇබට්ගේ කෘතිය යි. ප‍්‍රකට ගණිතඥයකු සහ ලේඛකයෙකු වන ඉයන් ස්ටුවර්ට් විසින් නිර්යුක්ලීඩියානු ජ්‍යාමිතික සිද්ධාන්ත ඇසුරින් රචිත Flatterland කෘතිය ඊට නිදසුනකි. කැනේඩියානු ගණිතඥයෙකු වන ඇලෙක්සැන්ඩර් ඩෙවුඞ්නි විසින් ඇබට්ගේ නවකතාවට පසුවදනකැයි කිව හැකි, Planiverse නම් ප‍්‍රබන්ධයක් ලියන ලදි. මීට අමතර ව, දියොනිස් බර්ගර්ගේ Sphereland සහ රූඩි රුකර්ගේ Spaceland යන විද්‍යා ප‍්‍රබන්ධ සඳහා ඍජුව ම පාදක වූයේ Flatland කෘතිය යි. බහුමාන අවකාශ පිළිබඳ විස්තර කිරීමේ දී කාල් සේගන් විසින් ඇබට්ගේ විධික‍්‍රමය නැවත යොදාගන්නා ලදි. ඇබට්ගේ කෘතියෙහි පදනම් අවකාශය වූ ද්විමාන විශ්වය ප‍්‍රායෝගික වශයෙන් පැවතිය හැකි ද යන්න ස්ටීවන් හෝකින්ගේ චින්තාවට භාජනය විය.

භෞතික විද්‍යාවට හෝ ගණිතයට සීමා නො වන එඞ්වින් ඒ. ඇබට්, මූලික දාර්ශනික ප‍්‍රශ්නයක් ද පාඨකයාගෙන් අසයි. ඒ, අප දකින ලෝකය හුදු ප‍්‍රක්ෂේපණයක් ද යන්න යි. මෙම කරුණ අරබයා කොන්ටම් භෞතිකයෙහි නූතන ම සොයාගැනීම් සමඟ සසඳන විට, වසර එකසිය තිහකට පසුවත්, ඇබට්ගේ පරිකල්පනය, මානව චින්තනය සහ තාක්ෂණය මතින් යෝධයකු සේ නැෙඟනු දැකිය හැකි ය.

ගැඹුරු දාර්ශනික චින්තාවක් ඇබට් ඉදිරිපත් කළේ සරල බසිනි. හාසයෙන් උපහාසයෙන් රස කවමිනි. මේ නිසා ත්‍ක්එක්බා බොහෝ සෙයින් රස විඳිනු ලැබුවේ පාසල් ශිෂ්‍යයන් විසිනි. අනෙක් අතට මෙය ජ්‍යාමිතිය සඳහා අතිරේක කියවීම් පොතක් හැටියට නිර්දිෂ්ට ග‍්‍රන්ථයකි.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Pathalilanthaya - පැතලිලන්තය

  • Rs. 540.00

  • KBOOKS Cashback Rewards: 54

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Baminithikalaya - බැමිණිතිකාලය

Baminithikalaya - බැමිණිතිකාලය

පෝරිසාදයා හමු වූ හැටි ඇයට මතක් විය. පළමුව දඩ බල්ලෝ ඇය වට කළහ. එකෙක් දෙන්නෙක් ඇගේ සිරුර කඩා කන්ට මෙන්..

Rs. 300.00

Sobanakaraya - සෝබනකාරයා

Sobanakaraya - සෝබනකාරයා

ප්‍රධාන සෝදුපත් කියවන්නා / ප්‍රධාන පොත් පරීක්ෂකවරයා හමුවීමට ඔහු බලාගෙන හිටියා. ලොකු චකිතයක් හිතේ නොත..

Rs. 700.00