ආදර අතීතයේ අමුතු කතාව.

එක් අතකින් ඔහු ගේ නවකතාව ආදරය, තාරුණ්‍යය, මිනිස් සම්බන්ධතා, ආදිය පිළිබද සියුම් ජීවිත විවරණයක් සහිත රස වෑහෙන නිර්මාණයක් වනවා සේ ම අනෙක් අතින් මෙරට වාම දේශපාලනයේ, ජාතිකවාදී ධාරාවේ මෙන් ම විකල්ප ගෝත්‍රයේ තක්කඩි දේශපාලනයේ ද සියුම් අක්මුල් ගැඹුරින් ස්පර්ශ කරන පුළුල් නිර්මාණයක් ද වේ. එතැනින් නො නැවතී එය වත්මන් සමාජ දේශපාලන වියවුල හමුවේ අප තෝරාගත යුතු අනාගත මාවත වෙත ද තියුණු ආලෝක ධාරාවක් එල්ල කරයි. එහෙත් ඉසුරු ප්‍රසංග නම් නවකතාකරුවා, දේශපාලන විචාරකයාට තමා ඉක්මවා නැඟී සිටීමට ද ඉඩ දී නැත. පාසැලේ ඩෙස්ක් ලෑල්ලක අඳින දෑකැති මිටි හදවත් සංකේතවල සිට කවි, කතා, සෝවියට් පොත්, හින්දි සිනමා වීරයන්, රස්පුටින්, බෝනි එම්. ආදී මානයන් ඔස්සේ පැතිරුණ රූප, කල්පිත චරිත හා සැබෑ චරිත, සිදුවීම්, අත්දැකීම් ආදී ප්‍රපංච සමූහයක් ඔස්සේ විසිතුරු සමාජ දේශපාලන චිත්‍රයක් අප සිතේ මැවීමට කතුවරයා සමත් වෙයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Pematho Jayathi Asoko - පේමතෝ ජායතී අසෝකෝ

  • Rs. 550.00

  • KBOOKS Cashback Rewards: 55

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kembimata Gamanak - කෙම්බිමට ගමනක්

Kembimata Gamanak - කෙම්බිමට ගමනක්

ස්වාධීනව නැඟී සිටීමේ අසීමිත විභවතා සහිත ශ්‍රී ලංකාව වැනි රටක් නිකරුණේ නැති නාස්ති වී යාමේ අඳුරු ඉරණම..

Rs. 550.00