නූතන පද්‍ය කාව්‍ය සංහිතා - ප්‍රතිශෝධිත මුද්‍රණය’ පළ කිරීමෙහි ලා සම්පාදකවරයාගේ අරමුණ වූයේ නූතන කවියෙහි කැඩපතක් පාඨකයා අබිමුව තැබීම නොහොත් නූතන කවියෙහි තියුණු හරස්කඩක් නිර්මාණය කිරීම යි.
40 දශකයෙහි පටන් නූතන කවි එකතු පළ කරන්ට පුරෝගාමිවූවාහු මීමන ප්‍රේමතිලක (නවීන පද්‍ය රචනා), සාගර පළන්සූරිය (පද්‍යාවලී) වැනි ප්‍රකට කවීහු ය. සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් ද (නව පද්‍ය මාලා), මහාචාර්ය ආරිය රාජකරුණා (සිංහල කාව්‍ය සංග්‍රහය), මහාචාර්ය විමල් දිසානායක (නව කවි සරණිය) වැනි විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් විසින් ද කොළඹ (නව කවි සංග්‍රහය), කැලණිය (සංගෘහිත සිංහල පද්‍ය) වැනි විශ්වවිද්‍යාලයීය සිංහල අධ්‍යයනාංශ විසින් ද කවි එකතු පළ කරන ලදි. මෙම සකලවිධ කවි එකතු හේතු කොටගෙන නූතන සිංහල කාව්‍ය මත දීප්තිමත් ආලෝක ධාරාවක් පතිත වූ බව නිරනුමාන ය.
Nuthana Padya Kawaya Sanhitha - නුතන පද්‍ය කාව්‍ය සංහිතා
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Sunil Ariyarathna - සුනිල් ආරියරත්න
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- ISBN: 9786240016070
- Availability: Available
-
Rs. 525.00

