රත්තරන් අම්මෙක් එයා
බිරිඳයි මායි මැද්දට ආව ගියා එයා
ඒ නිසාමයි කිව්වෙ මිඩ් වයිෆ් කියා
දෙවතාවක්ම පල දැරුව මෙයා
පැටව් දෙන්නත් දැන් තරමකට ලොකු වෙලා
තවත් පැටියෙක් හදමු නේ කියා
ආයෙමත් මිඩ්වයිෆ් මැද්දට ඇවිත් ගියා
බැරිම තැන මං කෑගැහුව
"ගෑනි බඩ කරනවට ඔය තරම් ආසයිද ඔයා"
අඬ අඬා ගියා ආයෙමත් ආවෙ නෑ එයා
පස්සෙ කාලෙක දැනගත්තෙ මං
මිඩ්වයිෆ් ටත් ළමයි නෑ කියා.
Yannan Chandare - යන්නං චන්දරේ
- Publisher: Silika Publication - සිලිකා ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Timran Keerthi - ටිම්රාන් කීර්ති
- ISBN: 9789554153400
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 20