ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රකාශයට පත් පළමු ද්වි භාෂා කාව්‍ය සංග්‍රහය වන “අකුරු (Letters)“, තරුණ මාධ්‍යවේදියකු වන මාලන් විදානපතිරණ රචනා කරන ලද කුළුඳුල් කාව්‍ය සංග්‍රහයයි.කතුවරයාගේ සුන්දර අත්දැකීම් මෙන්ම කටුක අත්දැකීම්ද පාදක කර ගත් මෙහි ඉංග්‍රීසි පරිවර්තනය සිදුකර ඇත්තේ ඔහුගේ බාල සහෝදරයා වන විසි එක් හැවිරිදි ආකාශ් විදානපතිරණ විසිනි. මේ වන විට විජය පුවත්පත් සමාගමට අයත් අද,ඉරිදා ලංකාදීප,තරුණයා සහ GO මාසික සඟරාවේ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරන මාලන් විදානපතිරණ,මෙම කාව්‍ය සංග්‍රහය නිකුත් කරන්නේද කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රීපාලි මණ්ඩපයේ සිනමාව පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරමින් සිටියදී වීම සුවිශේෂී විශේෂත්වයකි.කිසිදු පෙරවදනක් හෝ පසුවදනක් නොමැති මෙම කාව්‍ය සංග්‍රහය තුළ විවිධ මාතෘකා යටතේ කවි 25ක් ඇතුළත් වන අතර පොදු සමාජයට ඇතැම් විට නොපෙනෙන,එහෙත් සමාජාවධානය යොමු විය යුතු ඉසියුම් කාරණා රැසක් කෙරෙහි කවියාගේ අවධානය යොමු වී ඇත.


The first bilingual poetry published from multi-languages in Sri Lankan University history, "Letters", which is based upon Marlon Widanapathirana's "Akuru". The English translation done by his brother 21 years old Medical Student Akash Widanapathirana. The public 25 poems included in the topics in poetry invisible, but focuses on the poet's social attention has been drawn to a number of factors sprinkle.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha