• Apprakashitha hangum - අප්‍රකාශිත හැඟුම්

''ණයට හිලව් වෙන්න මගෙ කෙල්ලව අරන් යන්න මහත්තයෝ...”

මේ මොන හතරබීරි කතාවක්ද?. මං පැය දෙකක දූරක් ගෙවන් ආවේ මගෙන් මේ මනුස්සයා ලක්ෂ විස්සක් අරන කට්ටි පනින හින්දා. මං ඇවිත් කෑ ගහද්දි මිනිහ අත් දෙක එකට කරල වැඳගෙන මට කීවේ ගේ ඇතුළත් බලන ගමන.

''පිස්සුද මනුස්සයෝ..? මට ඕන සල්ලි.. ලක්ෂ විස්සකට ගැනියෙක් අරන් යන්න ඇයි ඒකිගේ කොතන හරි උඔ රත්තරන් තියලද තියෙන්නේ..''

"එහෙම නෙමේ මහත්තයෝ... මං සල්ලි ටික ගෙවනකන්න අරන් යන්න... මේ ඕයි.. ගිහින් කෙල්ලව එලියට අරන් වරෙන්....''

මාත් එක්ක කතා කරන ගමන්ම ඒ මනුස්සයගෙ වයිෆ්ටත් කෑ ගැහැව්වා. ඒ ගෑණූ කෙනත් ගෙට දිව්වා..

''මං උඹට සිංහලෙන් කීවා... මට ගෑණූ එපා මට සල්ලි දීපං..''

මං තරහින්ම එහෙම කියල ගේ ඇතුළෙන් ආපූ සද්දෙට ගේ දිහා බලද්දී අර ගෑනූ කෙනා සුදුම සුදු බෝනික්කෙක් වගේ කෙල්ලෙක් එළියට ඇදන් ආවා. කෙල්ල වටපිට බලන්නේ ගැහි ගැහි. මං දිහා අසරණ බැල්මක් දාපු කෙල්ල තාත්ත දිහයි අම්ම දිහයි මාරුවෙන් මාරුවට බලන්නේ අතේ ඇඟිලි පටලව පටලවා. කෙල්ලට මාර හැඩ ඇඟක් තියෙන්නේ,මාත් මොහොතකට ගල් ගැහුණ. කම්මූල් පිරිල බොලයක් වගේ, දණිස්ස ගාවට කොට ගවුම හුගක් පරණ පාටයි. ඒත් ‍කෙල්ලට ඒක මාර ලස්සනයි. මං කටත් ඇරන් බලන් ඉද්දි ඇස් අගින් දැක්ක අර මිනිහා කට කොනින් හිනා වෙනවා.

''මං සල්ලි ආපහු ගෙනත් දෙනකන් කෙල්ලව තියා ගන්න මහන්න.... ගෙදර වැඩත් ඕන එකක් පුළුවන්...”

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha