• Kuncha Nada - කුංච නාද

හොයිටි ටොයිටි කියන්නේ අසාමාන්‍ය ලෙස බුද්ධිමත් අලියෙක්.සාමාන්‍ය අලියෙක්ට හිතන්නවත් බැරි තරම් බුද්ධියක් තියෙන මේ අලියට ලියන්න , කියවන්න, ගණන් හදන්න පුළුවන්. මෙහෙම වෙන්නේ කොහොමද? ස්වාධීන තීරණ ගන්න අභිමානවත් බුද්ධිමත් අලියෙක් සර්කස් එකකට වෙලා ඉන්න මේ තරම් කැමති ඇයි ?

කුංච නාද සෝවියට් විද්‍යා ප්‍රබන්ධයේ ආදිතමයා වශයෙන් සැලකෙන බෙලායෆ්ගේ අපූරු කතාවක්..

'' දවස් කීපයක් ගත වන විට කලින් මා තදින් බය වූ බොහෝ දේවල් වලට බය නොවී ඉන්නට පුරුදු වීමි. කලින් මගේ හම විදින්නට ආ මැස්සන්ට පවා මම බය වීමි. මගේ දැඩි හම යුද්ධ ඇඳුමක් ලෙසින් මා ආරක්ෂා කළේය. . මුල් දවස්වල අහම්බෙන් පෑගුණ විසකුරු සර්පයකුට පවා බිය වීමි. මෙය පළමු වරට සිදු වූ දින සර්පයා මගේ කකුල වෙලාගෙන දෂ්ට කිරීමට උත්සහ කළේය. මගේ දැවැන්ත අලි හදවත භීතියෙන් කම්පා විය. එහෙත් සර්පයා මට කිසි හානියක් කිරීමට අපොහොසත් බව වහාම මට අවබෝධ විය. ඊට පසු ඉක්මනින් පාරෙන් ඉවත් නොවන සර්පයන් පාගා මරා දැමීම මට විනෝදයක් විය.. ''

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Kuncha Nada - කුංච නාද

  • Rs. 100.00

  • KBOOKS Cashback Rewards: 10