• Wanagatha Pasala - වනගත පාසල

මොනරාගල දිස්ත්‍රික්කයේ වනගත හුදකලා ගමක, පාසල් වත්තේ ගැමියන් තනා දුන් පැල්පතක 16 මසක් ජීවත් වූ මහාචාර්ය වික්ටෝරියා ජේ. බේකර් නම් විශ්ව ප්‍රකට පර්යේෂිකාව ශ්‍රී ලංකා අවාසිදායක ග්‍රාමීය ප්‍රදේශවල විධිමත් අධ්‍යාපනය පිළිබඳ පර්යේෂණයක් කළාය. මානව වංශ විවරණය නම් වූ එම පර්යේෂණය අතිශයින් දුර්ලභ එමෙන්ම වෙහෙස ගෙන දෙන පර්යේෂණයකි. එම පර්යේෂණය පදනම් කරගෙන ඇය විසින් රචනා කළ The Blackboard in the Jungle කෘතිය විශිෂ්ට පර්යේෂණ කෘතියක් මෙන්ම තුන්වන ලෝකයේ අධ්‍යාපනයෙහි සැබෑ මුහුණුවර නිරාවරණය කළ විශ්ව කීර්තියට පත් කෘතියකි. සමරසිංහ ගුණසේකර “වනගත පාසල” නමින් සිංහලට පරිවර්තනය කළ මෙම කෘතිය අධ්‍යාපනය ගැන උනන්දුව දක්වන කවරෙකුට හෝ මූලාශ්‍ර ග්‍රන්ථයක් ලෙසද පර්යේෂකයින්ට අත්පොතක් ලෙසද සෙසු පාඨකයින්ට රසවත් නවකතාවක් සේද කියවිය හැකි උත්තම ගණයේ කෘතියකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha