• Sanda Mini Paya - සඳ මිණි පාය

සමන් මහානාම දිකනායක මහතාගේ නවතම සම්පාදිත කෘතිය වන “සඳමිණිපාය” ඔහුගේ සාහිත්‍ය ගමනේ සුවිශේෂි පියවරක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙම කතාව තුළින් ලේඛකයා, පරම්පරා තුනක් පුරා විහිදී ගිය අත්දැකීම්, ඉහළ පෙළ පවුල් ජීවිත තුල, අනූන විවිධ චරිත අභිප්‍රේරණයන් එකට ගොඩනඟා ඇත.

සඳමිණිතයේ ආදරණීය එකම දියණිය වූ සිල්වියා හා විවාහ වන වෛද්‍යවරයාගේ අනියම් බිරිඳු, දේපළ තණ්හාව නිසා "සඳමිණිපාය” වැනසු හැටි ඛේදජනකය. ඇය විසින් නවකතාවේ විශිෂ්ට චරිතයක් වූ සිල්වියාගේ දියණිය චිත්‍රා, පියාගෙන් වෙන්කර, අධික මානසික පීඩනයකට ඇද දැමෙන කොටස, කතාවේ අතිශයින් සිත දුවවන කොටසකි. චිත්‍රාගේ අත්දැකීම, සමාජයේ නිහඬව පවතින අයුතු පීඩන, ධන තණ්හාව නිසා වැනසී යන පවුල් සහ දරුවන්ට එල්ලවන අඳුරු සත්‍යයන් පිළිබඳ සංකේතවත් නිර්මාණයක් ලෙස පෙනේ. සමන් දිසානායක මහතා, මෙම කතාව තුළ නිර්මාණාත්මක සම්බන්ධතා ජාලයක් අතිශයින් දක්ෂ ලෙස ගෙනීමට, චරිතයන්ගේ අතීත හා වර්තමාන මනෝභාවයන් සුවිශේෂීව නිරූපණය කිරීමට, කෙමින් ගලා යන නාට්‍යමය භාෂාවකින් වික්‍රම හා ආතතිය සාර්ථකව පෙන්වයි. මෙම සියල්ල නික “සඳමිණිපාය” ඔහුගේ සාහිත්‍ය ගමනේ නැවැත හැර බැලීමට හා සැලකිය යුතු සංධිස්ථානයක් බවට පත්වෙන බව මගේ හැගීමයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha