ඔයාට පුළුවන්ද දේවා මට මෙහෙම කරන්න... මට මේ කිසිම දෙයක් තේරෙන්නේ නෑ දෙයියනේ. ඇයි මේ... කොහොමද මාව තනි කරලා යන්නේ ඔයා... ඔයා මේ කරන්නේ විහිළුවක් නේද......ඔයාට බෑ මං නැතුව ඉන්න...
මගේ ජීවිතේට වෙන කවුරුත් නැති වුණත් ඔයා ඉන්නවා කිව්වා නේද-එහෙම කියපු ඔයාමද මෙහෙම කරන්නේ මට ... නවතින්න දේවාන් ...මීට වඩා හොඳයි මං මැරිලා ගියා නම්... කොහොමද මං ජීවත් වෙන්නේ......මොකටද.....
යන්න එපා දේවා...අනේ... මට මේ තරම් ලොක දඬුවමක් දෙන්න එපා.... අප්පවී... එයාට නවතින්න කියන්නකෝ... මොකද්ද මං කරපු වරද දේවා මට මේ තරම් දුකක් දෙන්නද ඔයාට ඕන වුණේ දේවා... මෙහෙමද ඔයා පළි ගත්තේ...
මීට වඩා හොඳයි ඔය අත් දෙකෙන්ම මාව මරලා දාන්න..."
අගස්ති කවුළුවට දෑතින්ම ගසා හඬමින් දිගින් දිගටම පවසන්නට වූවාය.
"මට ඕන වුණේ උඹ මේ විදියට මගේ ළඟ වැඳ වැටෙනවා බලන්න කුමාරිහාමි... හේතු ගොඩක් තියෙනවා.... එදා උඹ මට කරපු දේ....මාව අසරණ කරපු විදිහටම අද උඹ මගේ ළඟත් අසරණ වෙලා... දැන් මට සතුටුයි...
අනිත් කාරණේ ගිහින් අහගනින් උඹේ අප්පච්චිගෙන්ම.... මං උඹට ආදරේ කරන්නේ නෑ අගස්ති පොඩ්ඩක්වත් නෑ... පුළුවන් දෙයක් කරලා බලපං....
අපේ කසාදෙත් බොරුවක්... ඒක නිකම්ම නිකන් කොල කෑල්ලක් විතරයි තේරුණාද....
Deva - දේවා
- Publisher: Saravi Publishers - සාරවි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Authors - කතුවරු
- - Ashi Jayathilaka - ආශි ජයතිලක
- ISBN: 9786246168193
- Availability: Available
-
Rs. 1,200.00

