• Eden Uyana - ඊඩ්න් උයන

කර්මාන්තගතවීම නිසා ඇතිවන සංකීර්ණ සමාජ බලවේග විසින් අනෝමීයභාවය ජාතක කරවයි. අද ජීවත්වන බොහෝ මිනිස් චරිත සම්භවනය වූ ගර්භාෂය විවිධ සමාජ රෝගයන්ගෙන් නිර්මිත වූවකි.   පරාරෝපනය වූ මිනිසාගේ දෛවය මිනිසාට අවැසි ආකාරයට හසුරුවාගත නොහැකි ඉතා ගතික තත්ත්වයකට ඇද වැටී ඇත. ආගම මත වූ අන්ධ විශ්වාසය දෙදරා ගොස් අන්ත අසරණභාවයට හා බලාපොරොත්තු විරහිතභාවයට මිනිසා පත්වී ඇත. ආගන්තුකයන් ලෙස මිතුරන් ඇසුරු කිරීම නිසා මිනිසාගේ අධ්‍යාත්මය මුසුප්පු වී ඇත. හැඟීම්බර හා දෘෂ්ටිමය තත්ත්වයන් අතර මිත්‍ර සමාගම් දෝලනය වේ. සියළුම මානව සම්බන්ධතා ගරා වැටුණු අති සංකීර්ණ කාර්මික පරිසරයක මිනිසා නොහොත් හෝමෝ සේපියන් වානරයා හුදකලා වී ඇත. එවන් වානර චරිත කිහිපයක් සහ ඔවුන්ගේ නිරුවත් වානර මනෝභාවයන් සමඟ යා වන්නට කළ නිරුවත් උත්සාහයකි මේ කෙටිකතා එකතුව.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha