• Mudrana Yugaye Kolamba Kaviya - මුද්‍රණ යුගයේ කොළඹ කවිය

'...මානව සමාජානුයෝජනයක් සහිත ක්‍රියාකාරකම්, සමූල ඝාතනයකින් හෝ අවසන් නොවේ. යටපත් කිරීමේ බලහත්කාරයට නතුව සඟවා තැබුවත් දිය යට සිර කර තැබූ රබර් බෝලයක් ලෙස බුරුලක් ලද සැණින් එය දියමතුපිටට පැමිණෙනු ඇත. 'නව කවියක්" මගින් අවසන් කරන ලදැයි සහතික වන ංකොළඹ කවිය" ඊට හිමි ගෞරවය ද සහිත ව ස්ථානගත කිරීම පමා වී හෝ සිදුවිය යුතු අනිවාර්යයකි. මන්ද 'මුද්‍රණ යුගය" විසින් ඊට අදාළ සාක්ෂි සංරක්ෂණය කරනු ලැබ ඇති බැවිනි. එනිසා 'නූතන සිංහල සාහිත්‍යය" යන්න, මුද්‍රණ ශිල්පයේ මැදිහත්වීම මත සිදුවූ 'පුනර්ජීවන සමාජ සංස්කෘතික මොහොතින් " විතැන් කොට අර්ථ ගැන්වීම ගැන යළි සලකා බැලීම, නූතන සාහිත්යික සමාජය සතු වැදගත් වගකීමක් වනු නියතය..."
ආමුඛ්‍ය සටහනින් උපුටනයකි - මුද්‍රණ යුගයේ කොළඹ කවිය

1. මුද්‍රණ යුගයේ කොළඹ කවිය -
2. සිංහල මුද්‍රණ යුගය
3. හිටිවන කවිය
4. මුද්‍රණ යුග කවියේ වැඩබිම
5. මුද්‍රණ යුග කොළඹ කවිය සහ තත්කාලීන සමාජය
6. මුද්‍රණ යුග කොළඹ කවියේ කාර්ය සාධනය
7. මුද්‍රණ යුග කොළඹ කවියේ සඵලතා සහ දුබලතා
8. මුද්‍රණ යුග කොළඹ කවිය සහ තත්කාලීන විචාරය
9. මුද්‍රණ යුග කොළඹ කවිය සහ පශ්චාත් විචාරය
10. මුද්‍රණ යුග සිව්පද කවියේ අභියෝග
11. උප ග්‍රන්ථය -
19 40- 50 දශකයේ ප්‍රකට කව් සඟරා උපුටන
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
යන පරිච්ඡේද ඇතුළත් පිටු 393 කි.

'... ශාස්ත්‍රාලීය විදග්ධ ගුරුකුල ඇදුරන්ගේ ගැරහුම් කෙවිටෙන් රිද්දා පසෙක ලූ කොළඹ කවිය, ප්‍රාරබ්ධ වීමේ සමාජ දේශපාලන වාස්තවිකය මෙහි ලා මැනවින් අනාවරණය කෙරෙයි. කොළම යුගයේ කවිය නමින් හඳුන්වන කාව්‍ය ශානරය ඊට ම අනන්‍ය වූ තේමාත්මක, ආකෘතිමය හා භාෂාත්මක විශේෂතා සංලක්ෂණය දරමින් සියවසක පමණ කාලයක් පැවතගෙන ඒමෙන් එය, කිසිසේත් නොසලකා හැරිය හැකි සෞන්දර්ය ම ය ශානරයක් නොවන බව මෙම කෘතිය ඔස්සේ කතුවරයා අවධාරණය කරයි..."
සුජීව සිරිමෙවන් - කවරයේ පසු සටහනින්

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Mudrana Yugaye Kolamba Kaviya - මුද්‍රණ යුගයේ කොළඹ කවිය

  • Rs. 900.00

  • KBOOKS Cashback Rewards: 90

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Pandaka Puthra Wasthuwa - පණ්ඩක පුත්‍ර වස්තුව

Pandaka Puthra Wasthuwa - පණ්ඩක පුත්‍ර වස්තුව

2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.ප්‍රවීණ සම්මානනීය කෙටිකතාකරුවෙකු මෙන්ම න..

Rs. 400.00

Nisha - නිශා

Nisha - නිශා

ජීවත් වෙනවා කියන්නේ මිනිහෙක් හුස්ම ගන්න එකටද ? හුස්ම ගන්න හැම මිනිහෙක්ම තමන්ගේ ජීවිතේට බලපෑම් කරන හු..

Rs. 1,100.00