• Brithanyayan Liyu Sebe Uva Ithihasaya - බ්‍රිතාන්‍යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය
යටත්විජිත යුගයේ සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික පරිපාලන නිලධාරීන්ගෙන් සිදුවූ එක් අගනා සේවයක් වුයේ ඔවුන් සේවය කරන ලද පළාත් අළලා පරීපූරණ විස්තරාත්මක ග්‍රන්ථ සම්පාදනය කිරීමයි. Manual හෝ Gazetteer නමින් ඒ ඒ පළාත් හෝ දිස්ත්‍රික්ක පිළිබදව ලියන ලද එවනි ග්‍රන්ථ කීපයක්ම එකල ප්‍රකාශයට පත් කොට තිබුණි. ඒ අතර, මධ්‍යම, උතුරු මැද, වන්නි, මඩකලපුව සහ පුත්තලම පිළිබදව ලියවී ඇති ග්‍රන්ථ බ්‍රිතාන්‍ය යටත් විජිත ඉතිහාසය සහ එකල ජනජීවිතය පිළිබඳ ලියැවුණු මහගු මූලාශ්‍ර ලෙස සම්භාවනාවට පාත්‍රවී ඇත.

මෙවැනි ග්‍රන්ථ අතර, ලංකා (Ceylon) සිවිල් සේවයේ නිරතව සිටි බ්‍රිතාන්‍ය ජාතික හර්බට් වයිට් මහත්මා විසින් ඌව පලාත පිළිබදව සම්පාදනය කරන ලද Manual of the Uva Province නම් අගනා කෘතිය අතිශය දුර්ලභ ග්‍රන්ථයකි. එහි පිටපත් ඇත්තේ සීමිත සංඛ්‍යාවකි. 1893 දී මුද්‍රණය කිරීමෙන් පසු එය නැවත මුද්‍රණය කළ බවට සාධක නැත. මා මේ ග්‍රන්ථය කියවනු ලබුවේ වර්ෂ ගණනාවක් විවිධ පුස්තකාලවල සොයා බලා අවසානයේ කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයෙනි. එයද පිටතට රැගෙන යාමට නොදෙන දුර්ලභ කෘතියක් ලෙස සංරක්ෂණ අංශයේ තබා තිබේ. ඒ අනුව බලන කල ඉතිහාසඥයකු නොවන නිමල් බණ්ඩාර මහතා මෙය සොයාගෙන කියවීම ම බෙහෙවින් අගය කළ යුතුය.

මේ ග්‍රන්ථය ඌවේ ඉතිහාසය, පරිසරය සහ සමාජය පිළිබද කෝෂ-ග්‍රන්ථයක් බඳු ය. ඌවේ ස්වාභාවික පරිසරය, ගොවිබිම්, ජල මාර්ග, කඳුවැටී සහ වනාන්තර ආදිය පිළිබද විස්තර මෙහි අඩංගු ය. ඛණිජ සම්පත් සහ ශිල්පීය කර්මාන්ත පිළිබදව මෙහි සදහන් කොට ඇති කරුණු වෙනත් මෙවැනි ග්‍රන්ථයකට වඩා විස්තරාත්මක ය. පැරණි විහාරස්ථාන පිළිබඳව මෙහි වදගත් කරුණු රැසක් අඩංගු වේ. ඒ අතර බින්තැන්න දාගැබ හෙවත් මහියංගණ ස්තූපයත්, කතරගම මහා දේවාලයත් ගැන සදහන් කරුණු අතිශය වැදගත් ය.

ඌව පළාත සහ එහි ස්ථාන නාම පිළිබදව පිටස්තර ලේඛකයකුට වඩා තමා සතු පාරම්පරික දැනුම පරිවර්තකයාට සිය කාර්යය මනාව ඉටුකිරීමේ ලා මහඟු පිටුවහලක් වී ඇති බව කිව හැකිය. ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන නිමල් බණ්ඩාර මහතා සිය රාජකාරියට පරිබාහිර මෙවැනි ශාස්ත්‍රීය කාර්යයක නියැලී සිටීම අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ආදර්ශයක් බව සදහන් කරනු කැමැත්තෙමි.

මහාචාර්ය අනුර මනතුංග  (පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්)

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Brithanyayan Liyu Sebe Uva Ithihasaya - බ්‍රිතාන්‍යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය

  • Rs. 1,200.00

  • KBOOKS Cashback Rewards: 120

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Nomakena Apricanu Mathakayan - නොමැකෙන අප්‍රිකානු මතකයන්

Nomakena Apricanu Mathakayan - නොමැකෙන අප්‍රිකානු මතකයන්

'නොමැකෙන අප්‍රිකානු මතකයන්' අප්‍රිකාව පිළිබඳව සිංහල භාෂාවෙන් ලියු හොඳම කෘතිය බව මට හැගේ.ආචාර්ය සුනිල..

Rs. 780.00

Lankawe Brithanya Hamuda Kriyanwithayanhi Swarnamaya Yugaya - ලංකාවේ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාන්විතයන්හි ස්වර්ණමය යුගය

Lankawe Brithanya Hamuda Kriyanwithayanhi Swarnamaya Yugaya - ලංකාවේ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාන්විතයන්හි ස්වර්ණමය යුගය

බ්‍රෝහියර් ගේ මෙම කෘතිය මගින් 1818 අරගලයට බ්‍රිතාන්‍යන් මැදිහත් වූ ආකාරය පිළිබඳව වෙනත් කිසිම ග්‍රන්ථ..

Rs. 1,350.00

Ashoka - අශෝක

Ashoka - අශෝක

ඉතිහාසයෙන් ගිලිහුණු භාරතය එක්සේසත් කළ ප්‍රථම මහාධිරාජයා සොයාගැනීම. ..

Rs. 2,150.00

Diyakatapahana - දියකැටපහණ

Diyakatapahana - දියකැටපහණ

සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් (සංක්ෂිප්ත සටහන්)..

Rs. 1,750.00