• Sorba Nam Greekaya - සොර්බා නම් ග්‍රීකයා

මං කුඩා කාලෙ චෙරි කන්න හරි ම ආසයි. මට සල්ලි තිබුණෙ නැති නිසා හුඟක් කන්න බැරි උනා. අහුවෙච්ච වෙලාවට ඇති පදම් කෑවා. ඒත් මදි. රෑ දවල් මං හිතුවෙම චෙරි ගැන. මගේ කටට කෙළ ඉනුවා. පුදුම කරදරයක් ! එක දවසක් මට පිස්සු වගේ. නැත්නම් ලැජ්ජා හිතුනා වගේ. මං දන්නේ නෑ මොකක්ද කියලා. කොහොම වුණත් චෙරි වලට වුවමනා දේ යි මං කළේ. ඒක හරිම විහිළුවක්. ඉතිං මං මොකද කළේ? මහ රෑ නැගිටලා තාත්තාගේ සාක්කුවට අත දමලා රිදී කාසියක් අරගෙන පහුවදා උදේම නැගිටලා වෙළෙන්දෙකුට දීල චෙරි වත්තකින් චෙරි කූඩයක්ම ගත්තා. මං අගලකට බැහැල , හොදට හරිබරි ගැහිල, හුස්ම ගන්න බැරි තරම් චෙරි කෑවා. මට බඩේ කැක්කුම අල්ලලා ලෙඩ වුණා. ඇත්තමයි ලොක්කා. මං හොදටම ලෙඩ වුණා. එදා ඉදල අද වෙනකං මට චෙරි කිව්වොත් අරහං ! දැන් නම් චෙරි දකිනකොටත් කේන්තියි. ඇති මං බේරුණා. දැන් කොච්චර රස චෙරි ගෙඩියක් වුණත් කියන්න පුළුවන් 'තවත් උඹ මට එපා' කියලා. පස්සෙ මං ඒ දේම කළා දුම්කොළවලටයි, වයින්වලටයි. දැනුත් මං දුම් බොනවා, අඩි ගහනවා. පුං!! මට ඕන්නං ඒකත් නතර කළහැකි. මං ආසාවෙන් පාලනය වන කෙනෙක් නෙමෙයි, මගේ රට ගැන උනත් එහෙමයි. මං ඒක ගැන ඕනවට වැඩිය හිතුවා. දේශානුරාගයත් මං උගුරට එනකං ගිලලා වැමෑරුවා. එදා ඉදලා ඒක මට නැවත කරදර කරන්නේ නෑ! "


"මං රටෙනුත්, පූජකයන්ගෙගනුත්, සල්ලිවලිනුත් බේරුණා.
මං තවත් හුඟක් දේවල්වලින් බේරි බේරි ආවා...
ඒ විදියට තමයි මගේ බර සැහැල්ලු කරගත්තේ.
මම - කොහොමද ඒක තේරුම් කරන්නේ? - මගේ විමුක්තිය මම ම හයාගත්තා.
මං මිනිහෙක් වුණා!"
--------
'සෝර්බා' ගේ තුන්වැනි ආගමනය.......

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sorba Nam Greekaya - සොර්බා නම් ග්‍රීකයා

  • Rs. 1,600.00

  • KBOOKS Cashback Rewards: 65

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්